මහින්ද පරාජයවීමත් සමග , ඉතිහාසයේ තවත් එක පරිච්චේදයක් නිමාවට පත්වේ. ඒ හරහා අපි ගත්තාවූ මහන්සියේ ප්රතිපලයක් ලැබීමේ සතුට අපිට හිමිවේ. නමුත් වඩා උසස් දියුණු නිවහල් මිනිසෙක් සෑදීමේ සටන තවදුරටත් ඇදෙනු ඇත . පුළුල් සමාජ ප්රතිසංස්කරණයක් සඳහා වන සටන මෙතනින් එහාටත් ඇදෙනු ඇත . අපි තවදුරටත් ඒ සටනේම නියැලෙනු ඇත. ඒ සඳහා අපි සියල්ලම පුද්ගලිකව එයට සහය වීමට ඇති හැකියාව සලකා බලන්නට සුදානම් වෙමු. වඩාත් දිරිමත්ව , බියෙන් තොරව අපගේ මාතෘභූමියත් එහි සියලුම ජනතාවත් පසුගාමී අසමානලෙස සලකන සමාජ ක්රමය වෙනස් කිරීමේ සටනට හැකි සෑම විටම හැමෝම සහය වෙන්නට සුදානම් වෙමු. පුද්ගලික දේශපාලන මතයන් පසෙකලා ජාතික වැදගත්කමකින් යුතු න්යායපත්රයක් වෙනුවෙන් සහයදෙමු.