එළ එළ,

බෝධිපූජාම තියන එක හොදයි, සෙනසුරු වගේ අපල නම් බලූ කපුටු දානයක් දෙන්න වෙයි, ප්‍රේමදාස මැරුනෙත් සෙනසුරු ඉවරවෙන කොටයි

මාරක අපලවලින් බේරෙන්න අමාරුයි නමුත් හරියට වැඩ කරොත් බේරෙන්න ලේසියි. නමුත් එතකොට මොකක් හරි පොඩි දෙයක් වෙනවා, මම දන්න එකෙක්ට මාරක අපලයක් තිබිලා, ඌ අනං මනං කරලා පස්සේ ඒක බේරිලා ගියේ බයිසිකලයෙක් වැටිලා කකුල තුවාල වෙලයි පස්සේ හොද වුනා.

මම නම් කේන්ද්‍ර විශ්වාස කරනවා බන් මොකද ඒව ගොඩක් ඇත්ත. සමහර එවුන් ඒවා බොරු කියන්නේ හොරු පස්සේ ගිය නිසයි. ගුරුකම් ඒවාත් ඇත්ත බන්, මම දන්න නාකි මිනිහෙක් හිටියා ඌ අපේ පවුලම දන්නවා, අවුරුදු 100 ක් හිටියා මෑන්ස්, අවුරුදු 80 කට එහා ගුරුකම් කරලා තියෙනවා. මේවාට හිනා වෙන එවුන් ගැන මට දුකයි.