මොන දන්සැල්ද බං.. ඊයෙ ගෙදර යමින් ගමනෙ බීම දන්සැලක් සෙට් වෙලා බිව්වා.. උන් මහපාරට කොඩියත් අරන් පනිනවනේ ගෙම්බො වගේ.. දුන්නම නොබිත් බෑනේ.. එතකොටත් ලාවට උණ ගැනීගෙන ආවේ.. ඒක බිව්වා විතරයි පලු යන්න උන ගත්තා ගෙදර ගියාම.. දැන් නම් උණ අඩුයි බං.. කැස්සයි, සෙමයි, ඇඟට පණ නැති ගතියකුයි තියෙනවා.. අද බෙහෙත් ටිකක් ගන්නෝන..