හදවත නිසලයි සිතිවිලි නිහඬයි
ප්‍රේමය මෙය යැයි කියන්න මටම නොතේරෙයි
සිත පරිශුද්ධයි එනමුදු කිලිටි බව දැනෙයි
ඇය මා පැතූ පාපයදෝ විටෙක මට සිතෙයි
නැගී බිඳෙන සිතිවිලි වල
ඇයටම හිමිවිය මුල් තැන
දුලභ ප්‍රේම චරිත රැසක් අවට සැරි සරයි
රැඟුම මනහරයි ඈ කල රැඟුම හරි අගෙයි
ඇඟෙ අතීත රංගන දෙස
මමත් නුවන් යොමු වූවා නොව
හරි අපූරු පෙම් කතාවෙ රහස ප්‍රසිද්ධයි
රැඟුම පැහැදිලියි ඈ කල රැඟුම හරි අගෙයි