මම දන්නෙ නෑ උබේ අරමුන මොකද්ද කියන්න, ඒත් උබ හදන්නෙ හිතා මතා ගෙවීම පැහැර හරින්න නම් ක්‍රිබ් එකට යන්නෙ නෑ කියන්නෙ ඒක නොගෙවා ඉන්න හේතු වෙන එකක් නෙවේ. මොකද බැන්කුවක් ණයක් දෙන්නෙ සෑම අතින්ම සෑම දේවල්ම ආවරනය කරන්. අන්තිමට වෙන්නෙ උබේ සල්ලි වලින්ම බැන්කුව උබට විරුද්දව නඩු කියලා ගත්ත ගාන වෙනුවට මහ ගානක් නාස්ති කරගන්න වැඩක්. මොකද බැන්කුව වෙනුවෙන් උසාවි එන නියෝජිතයට ගෙවන අධිකරන දීමනාවත් ගෙවන්නෙ උබට ගාස්තුවක් විදියට එකතු වෙලා. අනික උබ වගේම දුප්පත් මිනිහෙක්ගෙ සල්ලියක් තමා බැන්කුවක් දෙන්නෙ. ඒකත් ක්‍රිබ් එකට නම යන්නෙ නැති බැන්කුවක් කියන්නේ සමාජයේ අහින්සකම දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි රැස් කරන බැන්කුවක් කියන එක. ඒ වගේ තැනකින් ණයක් අරන් උබ නොගෙවා ඉන්නවා කියන්නේ උබට සහ ගහනවා.