එක දවසක් හොඳටම බීපු එකෙක් බණ ගෙදරක ගියාලු. කොහොම හරි මූ ඉදිරි පෙලේ පැදුරෙම වාඩි වෙලා බණ අහන්න ගත්තලු. මූ ඉතින් සද්දෙට සාධු එහෙම කියනවලු.
ඉතින් හාමුදුරුවෝ බණ කියනවලු.
"පිං වතුනි අපේ ශරීරයේ තුනෙන් දෙකක්ම ඇට"
එක පාරටම අරූ කිව්වලු.
"සහතික ඇත්ත හාමුදුරුවනේ , හම නැත්තං ඒ දෙකත් බිම" කියලා
ඔන්න් ඕකයි...