ආටානාටිය සූත්‍රය (සිංහල)
1. මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතරවරම් මහ රජදරුවෝ මහත්වූ යක්‍ෂ සේනාවෙන්ද, මහත්වූ ගාන්ධර්ව සේනාවෙන්ද, මහත්වූ කුම්භාණ්ඩ සේනාවෙන්ද, මහත්වූ නාග සේනාවෙන්ද, සතර දිශාවෙහි ආරක්‍ෂා පිහිටුවා...