හැම දෙය ගැන නිවැරදි අයුරින් සිතුව
කමකට නොමැත සිත අද සැකයට නතුව
ඉම පැන යදම් බිඳ රුදු වෙසකින් යුතුව
උමතුව හැඟේ මා ඉවසිලිකම නැතිව
පැටලෙයි එකිනෙකට සිතු දේ හතර අතේ
මතුවෙයි සියළු තැන්වල විෂ ගතිය සිතේ
නොහොදයි හොදයි අඳුරන සවි බලය නැතේ
සැකයයි බියයි හැම සිතුවිලි සමග එතේ
පිපිරී තුටු පහටු බව පපුවට පිරුණු...