සිහිනය-
වැඩ ඇරී දියවන්නාවේ සිට
ඔහු ආවා බස් නැවතුමට
ඔව්...
ඔහු ඇමැතිවරයෙක්
උදෙත් හමුවුණු ඔහු
සිනාමුසු මුහුණින්
බලා සිටියේ අප විලස
මල්ලකුත් එල්ලන්
ඔව්...
ඔහු ඇමැතිවරයෙක්මය
කට හඬද බැරැන්ඩිය
කෑ ගසා දෙවනත්ව
පයත් දැන් ගැරහුම්ය
විඳින්නේ අපමණ
ඔව්...
ඔහු නම් ඇමැතිවරයෙක්මය
-මාලන් විදානපතිරණ