ඉලෙක්ට්‍රොනික් කියන්නේ මගේත් හොදම විනෝදංශයක්. අවුරුදු පහලොවකට (1996) විතර කලින් AM විතරක් ටියුන් වුන රේඩියෝව FM වලට කන්වර්ට් කරපු දවස, MTV බලන්න UHF ඇන්ටෙනා හදපු හැටි අද වගේ මතකයි. එදා ඉදන් අද වෙනකන් ඉලෙක්ට්‍රොනික් වලට තියෙන ආසාව නිසාම මාසෙකට සැරයක් හරි පළවෙනි හරස් වීදියේ පැත්තේ රවුමක් ගහල...