වැඳ වැඳ ඉන්නේ මොකටද කවි කියන්නට
කවි පද ලියතහැකි අඩවිය පිරෙන්නට
කාලය හරස් නොම වේ නම් ඉතින් මට
ආසයි හැම විටම මෙතැනම රැඳෙන්නට
කවියක අලංකාරය රස විඳින්නට
කොයිබද වෙලාවක් අපෙ නව පරපුරට
සටනකි තියෙන්නේ අවුරුදු තුනේ සිට
එය නිමවෙන්නේ මළ දාටයි අනේ හෙට
දිය දම් නියත නොම වන බැව් අපට කියා
මේ ලොව සියලු ඝණඳුරු...