1. 1

    GMOA හෙවත් "ගොමා" හි නායක ජොස්තරලාට ගණන් බෑ..! මෙන්න ඇත්ත කතාව..!

    මෙතන තියෙන්නේ ඉලක්කම් විජ්ජාවක්. GMOA එක කතා කරන්නේ මේ අයවැයෙන්, මේ වසරේ වැඩිවෙන වැටුප ගැනයි. මේ ලිපියෙන් කියන ගණන් හිලව් වල පෙන්නන්නේ මේ අයවැයෙන්, 2025 අප්‍රේල්, 2026 අප්‍රේල්, සහ 2027 අප්‍රේල් වල ලැබීමට නියමිත (දෙන්නං කාසි) සියල්ලේම එකතුවයි. මේ ලිපියේ මුලින්ම තියන කැටගරි එකේ රු. 39,860ක්...
  2. 1

    ක්ඳානක්කටත් ලක්ශ 280 වන්දි

    ඥානක්කා ට වන්දි ගෙව්වේ කවුරුන් කරපු අලාභයකටද කියලත් කිව්වා නම් තමයි හොඳ. මම එහෙම කිව්වේ, අපේ තාත්තාත් මේ ආකාරයේ අලාභයකට රජයෙන් වන්දි ලබාගෙන තියනවා. පාර්ලිමේන්තුවේ ombudsman ගේ අත්සනින් ලැබුන, චෙක් එක සමග ලැබුන ගෙවීම් පත මගේ සමරු එකතුවේ තිබුනා. අපේ තාත්තා 80 දශකයේ අවසාන කාලේ නාවින්නේ තිබුන...
  3. 1

    තවත් සල්ලි කන්න SriLankan Airlines allocated Rs. 20 billion

    ශ්‍රී ලංකන් එක ගොඩගන්න බැරිකමක් නැහැ. දැන් තියන ප්‍රශ්නය මීට කලින් කරපු නාස්තිය (මහින්ද රාජපක්ෂ ගේ මස්සිනාගේ කාලේ) නිසා තියන ණය කන්ද නිසා කිසිම කෙනෙක් මේක ගන්න හෝ joint venture එකකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ ණය ටිකක් හරි අඩු කරගන්න රජය මැදිහත් වෙන එක තමයි දැනට තියන එකම විසඳුම. එහෙම නැතුව මේක...
  4. 1

    මිට්සුබිෂි, පෙරෝඩුවා සහ ජේඑම්සී වාහන නව මිල ගණන් නිවේදනය කෙරේ..........onna dan ganilla aduwata thiyenne

    ලබන පළවෙනිදා (01/03/2025) ඉඳලා මේක (Mitsubishi ASX) ඕස්ට්‍රේලියාවට ගෙන්නන්න දෙන්නේ නැහැ. AEB (autonomous emergency braking) නැති වාහන එදා ඉඳලා විකිණීම තහනම්. මේක විතරක් නොවෙයි මිට්සුබිශිලාගේ Eclipse Cross සහ Pajero Sport දෙකත් තහනම්.
  5. 1

    බිව්වම එන....

    එක දිගට හැමදාම බිව්වාම ඔහොම වෙනවා. මාත් නත්තල් නිවාඩුවේ හැමදාම හැන්දෑවට බිව්වා. හෙට වැඩ පටන් ගන්න නිසා ඊයේ ඉඳලා නොබී ඉන්නවා කියලා හිතුවත්, හවස පහ හය (වෙනදා බොන වෙලාව)වෙනකොට ඇඟට හරි නැහැ. කන්නත් පිරියක් නැහැ. දෙකක් දාලා තමයි අමාරු හොඳ කර ගන්න උනේ.
  6. 1

    මෙන්න ලංකාවේ මැජික් බස් එක.

    LD 5 එකක පෙනුම තියෙන්නේ.
  7. 1

    1959 ලංකාවේ වෙඩ්මක්...

    TFS . ලංකාවේ හිටපු බර්ගර් අයගෙන් 90%ක්ම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. 70 දශකයේ White Australia policy එක ඉවත් කරන්න ඉස්සෙල්ලා ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ආපු අයගෙන් 99.9% ක්ම බර්ගර්. ඔවුන්ගේ යුරෝපීය සම්භවය නිසා පහසුවෙන්ම ඔස්ට්‍රේලියාවට එන්න ඉඩ ලැබුනා.
  8. 1

    ආණ්ඩුව හදපු තාර පාර තමන්ගේ බූදලයක් කරගත්ත පවුලක් නිසා මහරගම මල් පාර උණුසුම් වෙයි..

    කිහිප දෙනෙක්ම මිණියක් අරං ගිය පාරකට ලැබෙන නීතිමය වලංගු භාවය ගැන මෙතන කියලා තියන නිසා ඒ ගැන යමක් ලියන්නම්. මේ මිණිය ගෙනියන්නේ පරණ පාරටයි. එහෙම නැතුව ඔය වහලා තියන තැන හරහා නොවෙයි. කනත්ත තියෙන්නේ ඔය බ්ලොක් කරලා තියන තැනින් රේල් පාර පැන්නාම පේන දුරිනුයි. නමුත්, පාර බ්ලොක් කරන්න ඉස්සෙල්ලත් ඒ හරහා...
  9. 1

    ආණ්ඩුව හදපු තාර පාර තමන්ගේ බූදලයක් කරගත්ත පවුලක් නිසා මහරගම මල් පාර උණුසුම් වෙයි..

    මේ මහරගම නොවෙයි, කොට්ටාවේ පරණ පාරේ නේ. කෙනෙකුට පයින් යන්න ඉඩ ටිකක් ඉතුරු නොකර පාර වහපු එක නම් සම්පූර්ණයෙන්ම වැරදියි. උන් නම් මොන ජාතියේ නරුමයෝද දන්නේ නැහැ. (නමුත්, නීත්‍යානුකුලව එතනින් එහාට කාටවත් යන්න බැහැ . පාරේ අවසානය තමයි බ්ලොක් කරලා තියෙන්නේ. ඉන් එහාට යනවා කියන්නේ නීති විරෝධීව රේල් පාර...
  10. 1

    LA Wildfires 😨😨😨😨

    සමර් එකේ, ඒ කියන්නේ ජුනි, ජූලි, අගෝස්තු හෝ ඊට ආසන්න මාස වල ලැව් ගිනි ඇති වෙන එක පුදුමයක් නොවෙයි. ඒ උනාට වින්ටර් එකේදී විශාල ලැව් ගිනි ඇති වීම නම් පුදුමයක්. කාලගුණ විපර්යාස, පෙර සුදානමක් නැති කම, මිනිසුන්ගේ නොසැලකිලිමත් කටයුතු වගේ දේවලුත් මේවාට හේතු වෙනවා ඇති. සාමාන්‍යයෙන් ඇමරිකාවේ හා...
  11. 1

    ඉන්දියන් ස්කෑම් කෝල් සෙන්ටර්ස්

    නත්තලට ඉස්සෙල්ලා මාව ස්කෑම් එකකට අහු වෙන්න ගියා. ස්කෑම් කියලා තේරෙන, ප්‍රයිවට් නම්බර් වලින්, ඉන්දියන් ඇක්සන්ට් එකෙන් එන කෝල් වලට මමත් මෝඩ විදියට උත්තර දීලා උන්ව අන්දවන එක කලාට, මේ වතාවේ නම් උන් මාව ඇන්දුවා. වැඩ ඇරිලා ගේ ලඟට එනකොටම කෝල් එක ආවා. හොඳ ඔසී ඇක්සන්ට් එක. වැඩිය මැනර්ස් නැතුව, කෙලින්ම...
  12. 1

    Toyota එකටත් බඩු හම්බෙයි ද?

    මේ පෝස්ට් එකට සමාන පෝස්ට් එකකට මම කලකට පෙර ලියූ පිළිතුරක් පහතින් දානවා. මේක දිග හෑල්ලක් වෙයි. කැමති නම් විතරක් කියවන්න. චීන වාහන කවදා හරි දවසක ලෝකයේ හොඳ වාහන අතරට ඒවි. නමුත් ඒ දිනය එන්නේ කවදාද කියන එක ගැන නම් මම අනාවැකි කියන්නේ නැහැ. මම නම් චීන හෝ කොරියන් වාහනයක් ගන්න බලාපොරොත්තුවකුත් නැහැ...
  13. 1

    Toyota එකටත් බඩු හම්බෙයි ද?

    The other disastrous move was their legendary 79 series cruiser. They replace it's V8 with a lawnmower engine, and now it's no better than a ride on mower.
  14. 1

    ඩග්ලස් පීරිස්ගෙන් බේරුන එකම එකා......

    ඔයා නිකම්ම නිදි මරනවා නොවෙයි නේ. ඩ්‍රින්ක් එකක් දාන ගමන් නේ ඉන්නේ. කන බොන වෙලාවේ නිදාගන්න කියලා කොයි වෙදකමක වත් කියන්නේ නැහැ.

    No contents