සොයන්නේ ඔබව
මා නොව
මගේ හදවතයි
ඇසුනාද
හදවතේ විලාපය
නොලැබෙන බව
දැන දැනත්
ඔබව
ඔබ මත්තෙම
මගේ හද
විඳවන හැටි
දුකක් නෑ
මට
වැටෙනා
හැම කඳුලක්ම
ඔබේ නාමයෙන්
නිසා
ඒ අවසරයවත්
උරුමයි නේද
මට
කමක් නෑ,,,
ඔබ සමඟ
ගෙවුන
තත්පරය
වසරක් කරන්
ගෙවමි මම
ජීවිතය සැමදා
මා වෙනුවෙන්
ඔබ ගතකල
මොහොතටත්
ඔබට ස්තුතියි