වසර 1870 දී ඇමරිකා එක්සත් ජනපදයේ විසූ අතිදක්‍ෂ ඉංජිනේරුවෙකු වූ ජෝන් රෝබ්ලින්ග්ට ඉතා නිර්මාණාත්මක අදහසක් පහල වුනා. එය නම් නිව්යෝර්ක් නගරය සහ ලෝන්ග් අයිලන්ඩ් දූපත යා කරමින් විසිතුරු පාලමක් නිර්මාණය කිරීමේ අදහසයි. පාලම් සෑදීම පිලිබදව ලොව පුරා සිටි විශේෂඥ්‍යන් මෙය කවදාවත් ඉදි කල නොහැකි පාලමක් බව...