පුද්ගලයාට හැකියාව ඇත්නම් ලෝකයා තමාට ගරහන විට පෙරළා ලෝකයාට නො ගරහා සිටීමට, වෛර කරන්නන් අතර අවෛරී වීමට, මෙවන් අයකුට මෙලොව අන් කිසිවකුට ලබාගත නොහැකි ආකාරයේ සුන්දර සිතක් ඇතිකරගත හැකි යි. මෙන්න මේ සුන්දරත්වය නිර්මාණය වීමේ මූලික සැලැස්ම සකස් වන්නේ, අනිත්‍ය ධර්මය මතම යි. ඒ අනිත්‍යයට යමකු ගරහනවා නම් ඒ...