රෑ දොළහට ෆ්ලෑෂ් ලයිට් වාගෙ දිලිසෙනා
සීනු නාඳ හඬ ඇසුනා හදේ ගැවසෙනා
හිත හොල්මන් වී හොල්මන් වාගෙ සැගෙවෙනා
මෝහිනියේ ඔබ කවුරු ද රට ම හඳුනනා
බියෙන් ගැහෙන හිත අරගෙන ළඟට ළංවුනා
වටපිටත් බලා ගොත නොගහා ඉන්න සැරසුනා
නංගි ඔයා තනියෙන් දැයි නිකන් කියැවුනා
හැරිල බලපු බැල්මට මට සිහිය නැතිවුනා