ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන්
තනිවූ විරාමෙක//
මා හැරදමා ගිය මියුලැසී...
හෙට දිනක්...පෙර මඟක්...
අරමුණක් නැති ගෙවෙන දිවියේ
ඉසිඹුවක් ලෙස හෝ...
ගෙවුනු රසබර මතක මතුකර හිනැහියන්
මා හැරදමා ගිය මියුලැසී...
හිනැහෙමින්...වැළපෙමින්...
දුටු සිතුන් පෙම් පිරූ සමයේ
සලකුණක් ලෙස හෝ...