කවදාද ආයෙ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්
රෑ බෝ වීලා අද දින ගෙවිලා
වැඩිහිටියන් බලා හිදී
අප දුටුවෝතින්
සිදුවෙයි නපුරක්
වෙන්වී යමු හනික අපි
අපි වෙන්වීලි
ඉමු සිත බැදිලා
මුව ලෝකය බලා හිදී
අපමන බාධා
අපවට සැදිලා
එක සිත් සේ හිදිමු සැදී
-ෂර්ලි වෛජයන්ත-