ක්‍ෂාන්ති හෙවත් ඉවසීම පාරමිතාවක් හැටියට බුදු රජාණන්වහන්සේ දේශනා කරනවා.පාරමිතා කියන්නේ පරතෙරට පමුණුවන්නට, කෙළෙස් සයුරෙන් එතෙර කරවන්නට සමත්වෙන සුවීශේෂ ගුණ ධර්මවලටයි. සත්වයාට නොයෙක් ආකාරයෙන් සසරෙහි දුක් පීඩාවලට භාජනය වෙන්නට හේතු වෙන ක්ලේශ ධර්මයන් ප්‍රහානය කිරීම සඳහා දෙසූ පාරමිතාවන් අතර ක්‍ෂාන්තිය...