"හයිටිය" යනු කැරිබියන් කලාපයේ තිබූ සශ්‍රීක ස්වාධීන රටකි. ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ එම රට, දශක ගණනාවකට පෙර සහලින් ස්වයංපෝෂිත විය.
එවකට සීනි නිෂ්පාදනයෙන් ද අගතැන් ගත් එම රට හැඳින්වූයේ කලාපයේ "සීනි අගනුවර" ලෙස ය.
එපමණක් නොවේ. හයිටි දේශය තුළ රත්‍රන්,ඉල්මනයිට් ඇතුළු වටිනා ඛනිජ සම්පත් ද නොඅඩුව...