පාරේ කුණු පුච්චනවට මොකද කරන්නේ?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    පාරේ කුණු පුච්චනවට මොකද කරන්නේ?

    මචන්ලා අපේ ඉස්සරහ ගෙදර මිනිස්සු එයාලගේ වත්ත අතුගාලා එකතු වෙන කුණු ගොඩවල්, පොල් අතු ඔක්කොම කොන්ක්‍රීට් පාරේ තියාගෙන පුච්චනවා. පාරේ අයිනෙත් නෙවෙයි පාරේ මැදට වෙන්න තියාගෙන. ලොකු පාරකුත් නෙවෙයි වාහන මහ ගොඩක් යන්නෙත් නෑ. හැබැයි යන ඒවා අයින් කරන් යන්න ඕනේ. එක පාර වාහන දෙකකට මාරු වෙන්න බෑ. එක ලේන් එකක් තනිකර වහගෙන මේක කරන්නේ. අඩු ගානේ පුච්චල ඉවර උනාම ඉතුරු වෙන අළු, ලී කෑලි වත් අයින් කරන්නේ නෑ. මේ ගැන අපි ග්‍රාමසේවකට කිව්වා ඒ ගෑණිත් මුන්ට බයේද කොහෙද මුකුත් කරන්නේ නෑ. මේ ගෙදර එක්ක කවුරුත් කියවන්න යන්නේ නෑ මොකද මොනව හරි කිව්ව ගමන් කුණුහරප කියාගෙන එන්නේ.

    මේකට මොකුත් කරන්න බැරිද? හැබැයි කරේ අපි කියලා දැනගන්න බෑ. උන් දැනගත්තොත් එහෙම කනක් ඇහිලා ඉන්න බෑ. අහල පහල මිනිස්සුත් මොකුත් නොකර වාහනේ කාණුවේ දාන් යන්නේ මේ මිනිස්සු ගැන දන්න නිසා. :growl: පොලීසියට කිව්වොත් මේවගේ දේවල් ගැන බලයිද? :baffled:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Call police

    පොලීසියෙන් ඇවිල්ලා මේ වගේ පොඩි දේවල් ගැන බලයිද බන්? පොඩ්ඩක් මේ කොරෝනා සීන් එක ඉවර වෙනකන් ඉන්න වෙයි එහෙනම්. උන්ටත් වැඩ ඇතිනේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    උන්ගේ ගෙදර ලගදි රට ගිහින් ආපු එකෙක් නැද්ද ? :rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,552
    67,894
    113
    පොලීසියෙන් ඇවිල්ලා මේ වගේ පොඩි දේවල් ගැන බලයිද බන්? පොඩ්ඩක් මේ කොරෝනා සීන් එක ඉවර වෙනකන් ඉන්න වෙයි එහෙනම්. උන්ටත් වැඩ ඇතිනේ

    Un balanawa.
     
    • Like
    Reactions: vali aththa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    පාරේ කුණු පුචන්න බැහැ තහනම්
    නගර සභාවේ පැමිණිල්ලක් දානත් පුළුවන්
    ඕක සමථ මණ්ඩලයට යන්නත් පුළුවන් .
    එහෙම විසදුම් මක් නැත්නම් උසාවි නියෝගයක් ගන්නත් පුළුවන්.
    ඔය දෙකෙන් එකක් තමා හැබැයි හැංගිලා නම් කරන්න බැහැ ඔය වැඩ .
    පොලිසිය යට කියලා නම් වැඩක් නැහැ . අද ඇවිත් බලලා අවවාද කරලා යයි හෙට ආයෙත් කුණු පුච්චනවා .
    (අපිට ත් ඉස්සර ඔහොම කේස් එකක් ආවා අපි ගෙදර ගේට්ටුව ඇරලා බල්ලෝ දෙන්න එළියට දැම්මා . වැඩේ සති දෙකෙන් ඉවරයි)
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    machan oya wage ewunta molen kalpana karala wadak denna one..owa polici gihin wat wena katawath kiyalawath wadak wena ekak ne..mokada un awilla eka parak kiyala yai & un owa wadiya ganan ganne ne mokada unta oita wada balanna dewal tyna nisa..poddak kalpana krala hodata uba ahu nowena widiyata gemak dipan.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    කුණු පුච්චන වෙලාවට 119 ගහල කියපන් මාර්ගයේ ගමනාගමනයට අවහිර වෙන විදිහට ගිනි ගොඩක් ගහල තියනවා කියලා. කරපු එකාගේ නමත් කියපන්. 119 වලට කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම එන්න ඕනේ.කම්ප්ලේන් එකට ගත්ත ඇක්ෂන් එකත් උන් රිපෝට් කරන්න ඕනේ. :rolleyes:
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Police ponnayonta kiyala wadak wena ekak na. Ledak adinawanan lane eke okkoma tika ekathuwela adinna ona. Ehema nathuwa eka eka pathiwatha rakiddi ekek witharak katha karata wadak na. Meka lankawane amuthu system ekakne kiyala hithala hitha hadaaganin. 2500ka ithihaasayak kabal gawata bauddakama gana katha karata dan thiyenne maha vishama adama thuchcha samaja kramayak. Rate neethiyak kiyala deyak hariyata kriyaathmaka nowena nisa thamai oya okkoma prashna. Owa ape jeewitha kaale athule nan kawadawath hariyayi kiyala hithanna ba.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,832
    113
    Gampaha
    කුණු පුච්චන වෙලාවට 119 ගහල කියපන් මාර්ගයේ ගමනාගමනයට අවහිර වෙන විදිහට ගිනි ගොඩක් ගහල තියනවා කියලා. කරපු එකාගේ නමත් කියපන්. 119 වලට කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම එන්න ඕනේ.කම්ප්ලේන් එකට ගත්ත ඇක්ෂන් එකත් උන් රිපෝට් කරන්න ඕනේ. :rolleyes:
    ඔවු ඒක හරි. උඹේ විස්තර අහ ගනී. ඒ උණාට එතන ඇවිත් පැමණිල්ල දාපු අය ගැන කියවන්නෑ.
    කියන කොට පාර මැද ගිනිතියපු විදිහට කෝල් කරල කියන්න.
     
    • Like
    Reactions: NRTG and D_Mad

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    same story here machan... ඉස්සරහ ගෙදර උන් පාරේ කුණු පුච්චනවා.. අපේ සීමාවේ.. ඔක්කොම දුම ගේ ඇතුලේ... හිතවත් නිසා මොනවත් කියන්නත් බෑ.. දවසක් දෙකක් බලලා තරහ උනත් මූනටම කියනවා...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පීඑච්අයි ට ලිඛිතව ප්‍රශ්නේ ඉදිරිපත් කරපන්....... දැන් නීතියටඅනුව ගෙදර වත්තේවත් පොලිතින් පුච්චන්න බෑ.......අහල පහල අයට එකතු වෙලා පැමිණිලි කරන්න පුලුවන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලපන් ඔය පලාතෙ පොලිසියෙ මෙහෙම ඒකකයක් තියෙනවද කියල

    https://www.police.lk/index.php/item/517-2019-11-24-11-57-20

    මේ අනුව මූලිකව ශ්‍රි ලංකා පොලීසියේ පාරිසරික දිසාව නැවත ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ විය. පාරිසරික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේත් පාරිසරික කොට්ඨාසය භාර අධ්‍යක්‍ෂවරයෙකු යටතේත් ක්‍රියාත්මක වේ. ඊට අමතරව සෑම පොලිස් ස්ථානයකම තිබෙන පාරිසරික ඒකකද ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව පොලිස් ස්ථානයන්හි ස්ථාපිත පාරිසරික ඒකක අධීක්ෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකු පත්කිරීමට නියමිතව ඇත.

    2019.11.22 වන දින මෙම ක්‍රියාවලිය, එනම් පරිසර ආරක්ෂණ ක්‍රියාවලිය මූලිකව ආරම්භ කරමින් දැනට කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදුකරන පෞද්ගලික ආයතන දෙකෙහි සියළු කළමනාකරුවන් පාරිසරික කොට්ඨාසය වෙත කැඳවන ලද අතර අනෙකුත් කරුණු වලට අමතරව ඔවුන්ට උපදෙස් ලබා දෙන ලද්දේ, දෛනිකව අළුයම 5.30 වන විට පවිත්‍රතා කටයුතු ආරම්භ කලයුතු බව හා ඉන් අනතුරුව පැය 24 පුරාම සේවකයින් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යා යුතු බවටය.

    මීට අමතරව පොලිස් ස්ථාන පාරිසරික ඒකකයන්හි නිලධාරීන් සෑම මාර්ගයකම යොදවමින් (කොළඹ මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි) පරිසරයට හානිවන ස්ථාන සහ ක්‍රියාවන් නිරීක්ෂණය කිරීම කරනු ලබයි. තවද, එහිදි එම නිලධාරීන් පරිසරය සුරැකීමට අදාලව මහජනතාවට අවශ්‍ය උපදෙස් ලබාදෙන අතරම, පරිසර ආරක්ෂණය සඳහා වැදගත් වන අනෙකුත් ආයතන (පළාත් පාලන ආයතන වැනි) සම්බන්ධීකරණය කිරීමද සිදුකරනු ලබයි.

    පරිසර ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි නීතිමය ප්‍රතිපාදන රැසක් ඇත. ඉන් කිහිපයක් පහත පරිදි වේ.

    දණ්ඩ නීති සංග්‍රහය
    ජාතික මං මාවත් පනත
    පොලිස් ආඥා පනත
    ජාතික පාරිසරික පනත
    ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ පනත
    ගොවිජන සංවර්ධන පනත
    මහ නගර සභා ආඥා පනත
    වෙරළ සංරක්ෂණ පනත
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    ඉස්සල සුද්ද සිංහලෙන් පරිසරය ගැන කියලා අමතපන් . දෙක ඇන්ට්‍රියක් දාල මහජන පරීක්ශකට ලියපන්