ධ්‍යාන ලැබීම හා සමථභාවනාව
ඇස පිනවන රූපයක් දුටු විට අන්ධ පෘථග්ජනයන් ගේ සිතෙහි එයට ඇල්ම හට ගනී. එය අත් කැර ගැනීමෙහි ආශාව ද උපදී. කිසිවකු එයට හරස් කපතොත් ඔහුට කිපෙයි. කිසි උපායෙකින් එය අත් කැර ගත්තේ වී නම්, මෙබඳු රූප ශෝභාවක් ඇති අගනා වස්තුවකට ස්වාමි වෙමි යි උදම් වෙයි; මානය උපදවයි. මෙ සේ පි‍්‍රය...