ඔව් බන් මාස තුනකට වඩා ඉස්පිරිතාලේ මාස හතක් ගෙදර ඇඳේ. අනික බන් මම හිටියේ මහ ඉස්පිරිතාලේ 75 වාට්ටුවේ. මස් කඩේ වගේ බන්. කැලි කපනවා. කකුල් කොට කෑලි වලට බෙහෙත් දානවා. මස් කෑලි හං කෑලි පිස්සු හැදෙනවා බන්. මගේ අල්ලපු ඇදේ හිටියේ බඳින තුවක්කුවක් පත්තු වෙලා කකුල කුඩු වෙන්න වැදිලා ආපු මනුස්සයෙක් නම නීල්...