ඈ ඔහු අසල වෙව්වමින් පසුවූවාය. පිටත, සුළග එහි ඒකාකාරී ආදෝනාව නැගුවේය. සිහිනයදී ඇසුනු හඩක් මෙන්, දුරෑතින් දොරක් හඩ නගමින් වැසී යන ශබ්ධය නැගී ආවේය. බිත්ති තුල මීයෝ දිවූහ. මෙම නගරය තුල මීයන්ට ලැගීමට තරම් ආහාර තිබූ එකම ස්ථානය මෙය බව, තුවක්කුකරු ඕනෑවට එපාවට සිතීය. ඔහු ඇගේ බඩ මත තම අත තැබූ අතර, එයින් ඈ...