එහෙත් එම පණිවුඩයන්ගෙන් කියවෙන්නේ හෝ නොකියවෙන්නේ මොනවා දැයි යන්න පල රහිත කාරණයක් විය. ඒවා සැබැවින්ම පණිවුඩයන් සහ සංඥාවන් වූයේ නම්, ඒවා ගැන ඔහුට උනන්දුවක් තිබුනේ ද නැත. සැලකිය යුතු කාරණය වූයේ, මෙතැන ඇති මෙම සුන් බුන් ද, ඔහුට මීට කලින් හමුවී තිබූ ඒවා මෙන්ම අර්ථ විරහිත, පලයකින් තොර ඒවා වන බවට වන...