පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළුපාට දියවෙච්ච පරණ කුඩ කබලකට මුවා වෙලා බිම වාඩි වෙලා, කරපිංච විකුණන අම්මා, මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. අදටත් තව කාට හරි වියදං කරනව. ගුණසිංහපුර හන්දියෙන් සැර දාල හරෝන 138 බස් එකේ ඉස්සරහ දොර පොල්ලෙ එල්ලිලා "මාරගම... මාරගම" කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං...