මම රජයේ ආයතනයක අවු 2 ක් වැඩ කලා. පෙන්ෂන් එකක් තියෙන රස්සාවක්. තැන හොඳයි.රස්සාව කරදරයක් නෑ.ආසාවෙන් වැඩ කලා.හැබැයි පඩි අඩුයි.ගොඩ යාමක් පේන මානෙක තිබුනේ නෑ.
දවසක් යාළුවෙක් කතා කලා.ලංකාවේ ප්රසිද්ධ ප්රයිවෙට් කොම්පැනියක රස්සාවක්. කොන්ත්රාත් පදනමට බඳවා ගන්නෙ. ස්ථිර කරයි කියලා කිසිම විශ්වාසයක් නෑ...