යම් තාක් කල් පුරුෂයා විසින් කරණ ලද අකුශල කර්මය මෙලොවැ හෝ පරලොවැ හෝ විපාක නො දේ ද, ඒ තාක් කල් පාපකර්මසමන්විත පුද්ගල ද යහපත දක්නේ ය (පාපී පුද්ගල ද පූර්වජන්මයෙහි කළ සුචරිත බලයෙන් වැඩ දක්නේ ය, සුව විඳුනේ ය. යම් කලෙක වනාහි ඔහු කළ පාපකර්මය දුෂ්ටධර්මවේද්ය ව එම ජන්මයෙහි හෝ උපපද්යවෙද්ය ව හෝ...