මුල් යුගයේ ඉතිහාසඥයින්ගේ මතය වූයේ ඓතිහාසික වශයෙන් සිංහල කුල ක්රමය හින්දු කුල ක්රමයෙන් බිඳී ආ ආයතනයක් බවයි. බෞද්ධ වංශ කතා වල රජ බමුණු දෙපාර්ශවය ගැන ද, වෛශ්ය කුලිකයන් ගැන ද, ඇතැම් අවස්ථාවල චණ්ඩාලයන් ගැන ද සඳහන් වී තිබීම මේ මතයට හේතු විය. කුල ක්රමයේ මතවාදී නිර්මාතෘවරයන් ලෙස සැළකිය හැකි බමුණන්...