මා සේවය කරන්නේ එක්සත් අරාබි එමීර් (United Arab Emirates - UAE) රාජ්යයේ.
පෙඩරල් රාජ්යයන් හතකින් සමන්විත අරාබි රටක් වන මෙහි විශාලම රාජ්යය හා අගනගරය අබූදාබි යයි. ලොව පතල ඩුබායි මෙ පෙඩරල් රාජ්යයන් හතෙන් එකකි. එමෙන්ම ක්රිකට් ලෝලීන් අතර ප්රකට සාජා තවත් පෙඩරල් රාජ්යයකි. අනෙක්වා නම්: ෆුජෙයිරා...