තරු සඟවා ගණ කළුවරක පරිසරය එක ම කාල වර්ණයෙන් දිස්වෙද්දි විදුලි රේඛා නෙක නෙක විසිතුරු බියකරු රටා මවයි. සීතල සුළඟක් ගත හිරිඟඩු නංවමින් හමායන රාවය පරදා එකවර ම ගිගුරුම් හඬ සවනත මතට වැටෙන්නෙ හදවතේ රාවයට මදක් නැවතීම තබමින්. එකවර ගැස්සී පුටුවෙන් නැගිටුනේ ඒ ගිගුරුම් හඬා නිසා ද නැත්තම් මදුරුවෙකුගේ රුදුරු...