-දන්න සිංහලෙන් අකුරු කරපු මගෙ දුක-
මම ආසම එක දෙයයි
ඒ ඔබගෙ සතුටමයි..
පෙර වාගෙ අපි නෑනෙ
හමුවන්නෙ ආයෙමත්..
ලැදි ඒ පෙම්වත් සිතින්
සමුගත්තේ ඇයි ඉතින්..
කල් බැඳි මේ හිමි දිවියේ
තනිවූයේ සදාකල්..
ඔබ ආසම එක දෙයයි
ඒ මාගේ පාළුවයි..
පෙර වාගෙ අපි නෑනෙ
හමුවන්නේ ආයෙමත්..
ලැදි ඒ පෙම්වත් සිතින්
සමුගත්තේ ඇයි...