මට එපා වෙන්නෙ අපේ ගෙවල් ළඟ බල්ලෙක් හිටියා. ඌ මම පයින් යනකොට නැට්ට වන වන පස්සෙන් එනවා. මම සමහර දාට මාරි බිස්කට් පැකට් එකකුත් අරන් දෙනවා කාපන් කියල. මේ යකා මම මෝටර් බයික් එකෙන් යනකොට බුරාගෙන පස්සෙන් එනවා. මහ කැරි බල්ලෙක්. බල්ලෙක් විදිහට හිතල බැලුවොත් ඌ හිතනවා ඇති මාව අමුතු සතෙක් අරන් යනවා කියල...