මම ඉන්නේ ලන්ඩන් නෙවේ. ටිකක් දුර බැහැර නගරෙක. ඒ නිසා මගේ UK ගැන දැන් තියන රූපේ සම්පුර්නෙන්ම වෙනස්. මම ඉන්න පැත්තේ වැඩිපුර ඉන්නේ බ්‍රිටිෂ්, වෙල්ෂ්, අයිරිෂ් මිනිස්සු. සවුත් ඒෂියන්, ඊස්ට් යුරෝපියන් ඇයො අඩුයි. හරිම සාමකාමී, විනයගරුක මිනිස්සු ඉන්නේ. තැනක් යූ, සොරි, සර් කියන්න පැකිලෙන්නේ නෑ ඒ මිනිස්සු...