1. nadun Prabath

    ඇස් කණ්නාඩියක් හදාගන්න උදව්වක්

    යාලුවනේ, මගේ ඇස් පෙනීම ගොඩක් අඩුයි. කණ්නාඩිය නැතුව මොකුත් කරගන්න බෑ. අවුරුදු 4කට කලින් හදපු කණ්නාඩිය ලෙන්ස් එකයි frame එකයි දැන් හොඳටම අවුල් ලෙන්ස් එක කැපිලා පිහිදලාම, Frame එක කැඩිලා ගම්දාලා තියෙන්නෙ දැන්. ඇස්වලට අමාරු නිසා දැන් අලුත් එකක් ගන්න වෙලා. මේ frame එක කැඩිලා ගම් දාපු නිසා මේකට...
  2. nadun Prabath

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    මගේ සාමාන්‍යයෙන් ආදායම 40 - 45 ක් විතර මාසෙකට. කෑම බීම, ලයිට් බිල්, වතුර, ගෑස්, ටෙලිෆෝන් බිල, බයික් එකට පෙට්‍රල්, දරුවගේ පිටි, බෙහෙත් ඉස්සර ශේප් එකේ කාලා බීලා හිටියට, දැන් පට්ටම අමාරුයි. මට නං දැන් පිස්සු වගේ. කොහොමද යාලුවනේ මෙහෙම ජීවත් වෙන්නෙ මේ රටේ. ඔයාලා කොහොමද පඩිය බැලන්ස් කරගන්නෙ
  3. nadun Prabath

    කොළඹ පාරක් ගැන උදව්වක්

    මාතර ඉඳන් අරලියගහ මන්දිරේට යන්න තියෙනවා නංගිගේ වැඩකට. මේ පාරවල් දෙකෙන් අවුලක් නැතුව යන්න පුලුවන් පාර මොකක්ද යාලුවනේ
  4. nadun Prabath

    ඇස් කණ්නාඩියක් හදාගන්න උදව්වක්

    Thread Delete කළා. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතාගත්තා. හිනාවුනා පොහොසත් යාලුවනේ ඔයාලා එක්ක තරහක් නෑ
  5. nadun Prabath

    salary late ප්‍රශ්න

    ලංකාවට පුදුම කලදසාවක් ලබල තියෙන්නෙ, මම වැඩ කරන තැන අප්‍රේල් මාසෙ පඩියවත් තාම ගෙව්වෙ නෑ. ගෙවන්න විදිහක් නෑලු කම්පැනියෙ සල්ලි නැති නිසා. අද දෙන්නං හෙට දෙන්නං කිය කිය අද වෙද්දි මාස 2ක් පුදුම කට්ටක් කාලා අතේ තිබ්බ අන්තිම ටිකෙන් වියදම් ටික කවර් කරගත්තෙ, මීට මාස කිහිපයකට කලිනුත් මේ විදිහටම වුනා...
  6. nadun Prabath

    මාරක Flame Spray Machine

    නොයෙක් උත්සව අවස්ථාවන් සඳහා මෙන්ම සංගීත සංදර්ශන වලට නැතුවම බැරි දෙයක් වන Flame Spray Machine ඔබ නොයෙක් අවස්ථාවන් වල දැක ඇත. මෙම උපකරණය ක්‍රියාත්මකවීමට භාවිතා කරනු ලබන්නේ දහනය වන වායු රසායනිකයක් අඩංගු ශරීරයට අහිතකර නොවන කෑන් එකකි. නමුත් ලංකාවේ දැනට එම ද්‍රව්‍යය සොයාගැනීමට අපහසු නිසා මේවා...
  7. nadun Prabath

    අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

    ජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන, දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි. මේ රටේ පාලකයො විසින් අපේ ආදායම් මාර්ග වලට කෙලියා වගේම අතේ අන්තිම සතේටම නැතිකරා. පහුගිය අවුරුද්දෙම ආදායමට වඩා වියදම වැඩි වුනා. ඒ් මදි පාඩුව වහන්න හදිසියට කියලා ගන්න...
  8. nadun Prabath

    Tea/ Tea Bags මිල ඩබල් කරලා.

    හැම එකකම මිල වගේ තේ කොළ මිලත් ඩබල් කරලා. අලුත් ස්ටොක් මිල දෙගුණයකින්ම වැඩ කරලා. තාම සමර කඩවල පරණ ස්ටොක් තියෙනවා. තේ බොන අය අරන් තියාගත්තට පාඩු නෑ. මම කීල්ස් එකේ පරණ ස්ටොක් තිබිලා ගත්තා. පැක් 2ක්
  9. nadun Prabath

    Phone මිල ගැන ඇයි කවුරුත් කතා නැත්තෙ ???

    මගේ ලග අවුරුදු 10 ක් පාවිච්චි කරපු සැම්සුන් ස්මාර්ට් පෝන් එක කැඩුනා. පෝන් එකක් ගන්න බැලුවම අඩුම එකකුත් 60 න් එහා. කවුරුත් කතා කරරේ නැතිවට ආයේ පෝන් එකක් ගන්න කවදා පුලුවන් වෙයිද? දැන් ඉතිං කම්පියුටරේ විතරයි. මේ තත්ත්වය ජනවාරි වලින් පස්සෙවත් හරියයි ද?
  10. nadun Prabath

    චැසි නම්බර් මැච් නොවෙන හේතුව

    මගේ බයික් එකේ චැසි නම්බර් මැච් වෙන්නැති එකට මම 1919 කතා කළාම මගේ Bike පොත රෙජිස්ටර් කරපු මාතර DMT එකට යන්න කිව්වා. නමුත් ගියාට වැඩේ කෙරුනෙ නෑ. මාතර ෆයිල් කොළඹ ගිහින් නෑ. සිස්ටම් දාලා නැති නිසා මේ ප‍්‍රශ්නෙ. පළාත් සභා ඩේටා බේස් සම්බන්ධ කරගෙන හෙට ඉඳලා අප්ඩේට් කරනවා කිව්වා. බලමු ඉතිං ඊට...
  11. nadun Prabath

    පොඩි දරුවො බොන Cow & Gate පිටි පට්ට මිල ගිහින්

    Cow & Gate කියන පිටි එක මේ අවුරුද්දේ මුල ඉඳන් පස් වතාවක් මිල වැඩි වුනා. Rs 1050 < 1300< 1550 < 2050 < 2500 අද දරුවට පිටි පැකට් දෙකක් ගන්න ගියා. එතකොට එකක් 2500 /= ගන්න වුනේ එකයි. කාට කියන්නද මේ දුක. මට පිස්සු වගේ මේ මිල වැඩිවෙන හැටි දැකලා. මාසෙට පිටි පැකට් 8ක් යනවා... දරුවගේ අම්මා දරුණු...
  12. nadun Prabath

    වෙඩින් වලට ඇඳිරි නීතිය බාධාවක් නැද්ද?

    වෙඩින් වලට ඇඳිරි නීතිය බාධාවක් නැද්ද? මෙහේ මිනිස්සු වෙඩින් වලට එන්නලු, ගෙදර අය ගෙදරින් එළියට යන්න එපාලු. යාලුවො තරහ වෙනවා ගියේ නැතොත්, ගෙදර අය බනිනවා ගියොත්. මොකද්ද කරන්නෙ දන්න අය කියන්න.
  13. nadun Prabath

    මාධ්‍ය සඳහා ෆේස්බුක් වාරණ නැද්ද එතකොට

    සමාජ මාධ්‍ය වාරණය කර තිබියදී දෙරණ ඇතුළු මාධ්‍ය ෆේස්බුක් යූටියුබ් ලයිව් ස්ටී‍්‍රම් කරන්නේ කොහොමද ඒවා නීති විරෝධී නැද්ද එතකොට.
  14. nadun Prabath

    Ryzen 3 එකක් ගන්නද? i3 11th gen එකක් ගන්නද?

    මම ලැප් එකක් ගන්න හදන්නේ Ryzen 3 එකක් ගන්නද? i3 11th gen එකක් ගන්නද? මේ දෙකෙන් හොඳ එක මොකක්ද සහෝදරයිනි Asus ද හොද Dell ද කියලත් කියන්න
  15. nadun Prabath

    Inverter Buy ඉවසලා බැරිම තැන

    මේ දවස් ටිකේම කරන්ට් එක නැතුව පුදුම කරදර, ඉවසුවා මාස කීයක්ද දැන්... ඔක්කොම අවුල් මගේ වැඩ, සල්ලිත් නෑ වැඩ කරන්න බැරි වුනු නිසා, අන්තිමේ ඩරාස් එකෙන් බැටරි චාජර් එකයි ඉන්වර්ටර් එකයි ඔ්ඩර් කළා... ඒකත් එන්නේ අපේ‍්‍රල් 10 ලු ... මේක මෝඩ වැඩක් වෙයිද කොල්ලනේ... අපේ‍්‍රල් මාසේ වෙද්දි කරන්ට් කපන එක...
  16. nadun Prabath

    covid 19 සජීවී උෂ්ණත්වය දන්නවද?

    අපේ ගෙදර මට ඇරුනම ඔක්කොටම කොවිඩ් හැදිලා , මම දැන් වෙනම ඉඳන් උයාගෙන කන්නෙ, ෆ‍්‍රිජ් එකේ එළවලු වල වයිරස් එක තියෙයිද කියලා මට සැකයි. කවුරුහරි දන්නවනම් කියන්න. ශීතකරණයක් තුළ කොවිඩ් වෛරසය ක‍්‍රියාත්මක වෙනවද? මම පරිස්සම් වුන නිසයි මට හැදුනේ නැත්තෙ තාම ඒත් හැදෙයිද කියලා ෂුවර් නෑ. ගෙදර අයට නම් තාම ලොකු...
  17. nadun Prabath

    VGA Driver Not responding Problem

    ඊයේ මම ත්රෙඩ් එකක් දැම්මා ඩිස්ප්ලේ නැතිවෙලා PC Stuck වෙනවා කියලා. හැමෝම කිව්වා දේ කරලා බැලුවා.Nvidia GT 610 VGA Card ගලවලා Onboard බැලුවා. එතකොට ලෙඩේ නෑ. දැන් ලෙඩේ VGA එක කියලා පැහැදිලියි. මේVGA එක ගොඩදාන්න බැරිවෙයිද. Nvidia Driver Not responding වෙලා තමයි Stuck වෙන්නේ. VGA Driver Flush...
  18. nadun Prabath

    දවසට දෙපාරක් Restart Problem උදව් කරන්න Please

    මගේ කම්පියුටරේ දවසකට එක වතාවක් හෝ දෙවතාවක් ඩිස්ප්ලේ නැතුව යනවා. එතකොටS SD HDD එකේ ලයිට් පත්තු වෙන්නෙත් නෑ, හැබැයි සීඩී රොම් එක ඇරෙනවා. ආයේ රිස්ටාට් කරාම ඔන් වෙනවා. රැම් ගලවලා සුද්ද කරා වීජීඒ එක ගලවලා ගැහුවා පවර් සප්ලයි එකත් අවුලක් නෑ , මොකක් වෙන්න ඇතිද ලෙඩේ. Asus H110 Borad එකක් තියෙන්නේ...
  19. nadun Prabath

    MI FI පොකට් රවුටර් පාවිච්චි කරන අය පොඞ්ඩක් විස්තර කියන්න මේ ගැන.

    පොකට් රවුටර් කොච්චර හොඳ බ‍්‍රෑන්ඞ් එකක් වුනත් පට්ට රත් වෙනවානේ. ඒත් ලොකු රවුරටර් රත් වෙන්නෑ... ගෙදරක භාවිතයට පොකට් රවුටර් එකක් අර ගත්තතොත් ටික දවසක් යද්දි කෙලවෙයිද? දිගට ප්ල්ග් කරලා තිබ්බොත් පිච්චෙයිද පාවිච්චි කරන අය හොඳ නරක පොඞ්ඩක් කියන්න...
  20. nadun Prabath

    Samasung A10 Vietanam අරන් වෙච්ච දේ...

    Samasung A10 Vietanam අරන් වෙච්ච දේ... https://www.youtube.com/watch?v=_DxHOcEoZts අරන් සතියයි. ඩිස්ප්ලේ පේන්නෑ සුදු වෙලා යනවා... ගන්න එපා මේක කුණු පෝන් එකක්'....අපරාදේ මගෙ සල්ලි , වොරන්ටි යැව්වා තාම ආවේ නෑ...

    No contents