සිම්බාබ්වේ, සැම්බියාව, පකිස්ථානය, උගන්ඩාව, වැනිසියුලාව, අර්ජෙන්ටිනාව ආර්ථික වශයෙන් ආගාධයට පත්වන අවස්ථා මම මැනවින් නිරීක්ෂණය කර ඇත්තෙමි. ලෝකයේ රටවල් පිළිබඳව ඇතුලත තොරතුරු ලබා ගැනීමට බොහෝ ලාංකිකයන්ට නොමැති අවස්ථාවක් මට ඇත. එනම් විවිධ රටවලින් පැමිණි සිසු සිසුවියන් සහ අධ්‍යයන සඟයන් මා සමග ඉතා සමීපව...