අංකෙ ද? කතිරෙද? -1,2,3, or X or *$#^

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,449
    24,775
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    2024 නවවැනි උභතෝකෝටික ජනාධිපතිවරණෙට කතිරෙ ගහමුද? නැත්තම් අංක ලියමුද? නොදන්න මගුල් නොකර හැමදාම වගේ කතිරෙ ගහමු? නැත්තම් ප්‍රතික්ෂේප ගොඩට යමු.

    නෑ තමන්ගෙ මනාපෙ ඵලදායි විදියට පාවිච්චි කරමු අපි.​

    මේ පාර කට්ටියව අමාරුවෙ දාලනෙ තියෙන්නෙ. :eek: විශේෂ අවස්තාවක්. ප්‍රභල අපේක්ෂකයො තුන්දෙනෙක්. අනුර, රනිල්, සජිත්. :cool:

    මුලින් බලමු ලංකාවෙ මනාප ගනින්නෙ කොහොමද කියල. 🤔

    50% ට් වඩා මනාප ලබාගන්නා අපේක්ෂකය අවිවාදයෙන්ම ජනාධිපති කියල අපි හැමෝම දන්නවනෙ. 🥳

    එතකොට 50% ට අඩුවෙන් ගත්තොත්. රටේ බහුතරයක්, ඒ එන එකාට කැමති නෑ නේ ඇත්තටම බැලුවොත්. ජනගහනයෙන් භාගෙකටත් අඩුයි. අසාධාරනයිනේ. ඒත් කොරන්න දෙයක් නෑ ඒකට විසඳුමක් මෙහෙම දීල තියේ.

    " අසම්භාව්‍ය මැතිවරණ ක්‍රමය යනු ඡන්ද දායකයන් අපේක්ෂකයන් සිය කැමැත්තේ අනුපිළිවලට ලකුණු කල පසු ඉන් එක් ජයග්‍රහකයෙකු තෝරාගන්නා මැතිවරණ ක්‍රමයකි. මේ කියනේ 1,2,3 කියල ලකුණු කලාට පස්සෙ. ප්‍රථම මනාප ගණනයෙන් පසුව එක් අපේක්ෂකයෙකුටවත් බහුතර මනාප ලබාගත නොහැක (50%) වී නම් ඉහළ මනාප ලබාගත් දෙදෙනා හැර ඉතිරි අපේක්ෂයන් තරගයෙන් ඉවත් කරනු ලැබේ. පසුව එසේ ඉවත් කෙරුනු අපේක්ෂකයන්ට ලැබී තිබුණු ඡන්දවල දෙවන මනාප ගණන්කර තරගයේ රැදී සිටින අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදා හැරේ. මෙමගින් අවසානයේ එක් අපේක්ෂකයෙකු බහුතරයක් ඡන්ද ලබා ජයග්‍රහනය කරයි.මෙය විකල්ප මැතිවරණ ක්‍රමයකට සමාන නමුත් එක් වෙනසක් ඇත. එනම් විකල්ප මැතිවරණ ක්‍රමයකදී ඡන්ද ගණන්කිරීම වට කිහපයකදී සිදුවිය හැකි නමුත් මෙහි දී පැවතිය හැක්කේ වට දෙකක් පමණි. එක්සත් ජනපදයේ මෙම මැතිවරණ ක්‍රම දෙකම instant run off sysstem ප්‍රභේදන ලෙස සලකනු ලැබේ. අසම්භාව්‍ය මැතිවරණ ක්‍රමය Two Round system හි සංයුත්ත අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය. ඡන්දදායකයින් දෙවරක් ඡන්ද පොළ වෙත යෑමකින් තොරව ඡන්දවට දෙකම සිදුවේ.

    අසම්භාව්‍ය මැතිවරණ ක්‍රමයේ විශේෂ ප්‍රභේදනයක් ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ දී යොදාගැනේ. තවත් ප්‍රභේදනයක් වන Supemetary vote එන්ගලන්තයේ නගරාධිපතිවරුන් පත් කිරීම සදහා යොදාගැනේ. අතීතයේදී එනම් 1892 - 1942 දක්වා ක්වීන්ස්ලන්ඩ් ව්‍යවස්ථාදායක සභාව පත් කර ගැනීම සඳහාද මෙම ක්‍රමය යොදා ගැනුණි. අද දක්වා අඛණ්ඩව දීර්ඝතම කාලයක් ලොව භාවිතා කෙරුණු මැතිවරණ ක්‍රමය මෙය වේ. ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේද 1920 දශකයේදී මෙම ක්‍රමය භාවිතාවිය."




    මොන අංකද අපි කතිරෙ ගහමු. :lol: මෙහෙම බලමු, මුල් අපේක්ෂකයො තුන් දෙනා කොහොම චන්ද ගනීද කියල අනුමාන කලාට කාටවත් ස්ථිරව කියන්න බෑනේ මොකක් වෙයිද කියල. පේන බලන අයත් ඉන්නව ඔය අතර. ඒ අය කියයි හත්පොලේ දිව්රල...:rofl:

    මුල් අපේක්ෂකයො තුන අත ඇරල අනෙක් අයට 10% වෙන්කරමු. දල වශයෙන් හොඳේ...
    ප්‍රධාන අපේක්ෂකයො තුන් දෙනාට 30% ගානෙ බෙදමු.
    A-30%
    B-30%
    C-30%
    O-10%

    ඔහොම වෙන්නෙ කොහොමද මගෙ අපේක්ෂකය තමා වැඩිපුර ගන්නෙ. නේද? ඒක නිසා ප්‍රතිශත ටිකක් වෙනස් කරමු.
    A-40%
    B-30%
    C-20%
    O-10%

    දැන් ගමු මුල් අපේක්ෂකයො දෙන්න සටනට. එකෙක්වත් 50% නොපැනපු නිසා. (A-40%, B-30%)

    උන්දෙන්න තියාගෙන අනෙක් උන් ගෙ කොළ ටික අරන් දෙවෙනි මනාපෙ ගනිමු. ඔක්කොම අංක දාල තියේද. මොන පිස්සුද කතිරෙ ගහපු උනුත් ඉන්නව.
    C+O = 30% ඒක නිසා මුන්ගෙන් බාගයක්වත් අංක ලිව්ව කියල හිතමු. C+O = 15%
    මේ 15% A ට ගැහුවොත් 2 (A දිනුම්):D
    මේ 15% B ට ගැහුවොත් 2 (B දිනුම්) :sorry:
    7.5% 7.5% දෙන්නට වෙන් කළොත් (A දිනුම්):eek:

    තව තත්වෙ වෙනස් වෙනව A-B අතර gap එක අඩු වුනොත්.

    අංක දාන වැඩේ අතිබහුතරය තියෙන අපේක්ෂකයට මනාපෙ පල කරන අයට වැඩක් නෑ. උන් අංකෙ දැම්ම කියල ඒව ගනින්නෙ නෑනෙ. කනාවට තුන්වෙනි තැන ආවොත් ඒ අපේක්ෂකය තමන් අකමැති කෙනා ජනාධිපති වෙන්න ඉඩ තියේ හැබැයි.


    එතකොට ඇයි?
    ඇයි මෙච්චර කල් අංක ලියන එක ගැන කතාවත් කලේ නැත්තෙ. ඉතිහාසයෙ එකම එක වතාවක් කතා කලා. රැලි වලදිත් මොහුට අංක 2 සලකුණු කරන්න කියල කියල තිබ්බ. අපේක්ෂකයො දෙන්නෙක් හිටියොත් අංක ලියන වැඩේ වැඩක් තියේද?

    නෑ. ගොඩක් වෙලේට එකෙක් 50% පන්නනවමයි.
    කලාතුරකින් එහෙම නැති උනොත්, මුල් තැන ගන්න උන් දෙන්න පැත්තකින් තියනවනෙ පළවෙනි වටයෙන්. එතකොට ඉතුරු අර පොඩි ප්‍රතිශතයක් ගත්ත අය. ඒ අයගෙ මනාප වලින් ලොකු බලපෑමක් කරන්න බෑ ප්‍රධාන අපේක්ෂකයො දෙදෙනගෙ පරතරයට.





    වැදගත්ම ටික
    • අංක ලියන අය:
    කැමතිම අපේක්ෂකයගෙ කොටුවෙ 1 ලියන්න.
    දෙවෙනියට කැමති එකාගෙ කොටුවෙ 2 ලියන්න. (තමන් කැමති එකා ආවෙ නැතොත් මූ හරි ජනපති වෙයන් කියල )
    3 ඇති වැඩක් නෑ. බත්තරමුල්ලෙ සීලරත්න සාදුට දෙන්න. BS

    • කතිරෙ ගහන අය:
    කැමතිම අපේක්ෂකයගෙ කොටුවෙ X ලියන්න.

    • අංකෙත් කතිරෙත් ගහන්න බැරිව අත වෙව්ලන අය:
    කැමතිම අපේක්ෂකයගෙ කොටුවෙ ඕන දෙයක් ලියන්න.

    • චන්දෙ නොදෙන අය :
    ඔව් චන්ද පොලට යන්න අනිවාර්යෙන්ම. ගිහින් කොලේ කටු ගාල එන්න.

    එහෙනම් උදෙන්ම ගිහින් නොවරදවා චන්දෙ දෙන්න.​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    යකෝ අංක දාපන්, කතිර දෙකක් ගැහුවොත් ඕක අවලංගුයි
    tenor.gif
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    විශේෂ අවස්තාවක්. ප්‍රභල අපේක්ෂකයො තුන්දෙනෙක්. අනුර, රනිල්, සජිත්. :cool:
    මෙහෙම සීන් එකක් නෑ. මාලිමාවට කතිරෙ ගහල එන්න තියෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • " අසම්භාව්‍ය මැතිවරණ ක්‍රමය යනු ඡන්ද දායකයන් අපේක්ෂකයන් සිය කැමැත්තේ අනුපිළිවලට ලකුණු කල පසු ඉන් එක් ජයග්‍රහකයෙකු තෝරාගන්නා මැතිවරණ ක්‍රමයකි. මේ කියනේ 1,2,3 කියල ලකුණු කලාට පස්සෙ. ප්‍රථම මනාප ගණනයෙන් පසුව එක් අපේක්ෂකයෙකුටවත් බහුතර මනාප ලබාගත නොහැක (50%) වී නම් ඉහළ මනාප ලබාගත් දෙදෙනා හැර ඉතිරි අපේක්ෂයන් තරගයෙන් ඉවත් කරනු ලැබේ. පසුව එසේ ඉවත් කෙරුනු අපේක්ෂකයන්ට ලැබී තිබුණු ඡන්දවල දෙවන මනාප ගණන්කර තරගයේ රැදී සිටින අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදා හැරේ. මෙමගින් අවසානයේ එක් අපේක්ෂකයෙකු බහුතරයක් ඡන්ද ලබා ජයග්‍රහනය කරයි.මෙය විකල්ප මැතිවරණ ක්‍රමයකට සමාන නමුත් එක් වෙනසක් ඇත. එනම් විකල්ප මැතිවරණ ක්‍රමයකදී ඡන්ද ගණන්කිරීම වට කිහපයකදී සිදුවිය හැකි නමුත් මෙහි දී පැවතිය හැක්කේ වට දෙකක් පමණි. එක්සත් ජනපදයේ මෙම මැතිවරණ ක්‍රම දෙකම instant run off sysstem ප්‍රභේදන ලෙස සලකනු ලැබේ. අසම්භාව්‍ය මැතිවරණ ක්‍රමය Two Round system හි සංයුත්ත අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය. ඡන්දදායකයින් දෙවරක් ඡන්ද පොළ වෙත යෑමකින් තොරව ඡන්දවට දෙකම සිදුවේ.

    අසම්භාව්‍ය මැතිවරණ ක්‍රමයේ විශේෂ ප්‍රභේදනයක් ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ දී යොදාගැනේ. තවත් ප්‍රභේදනයක් වන Supemetary vote එන්ගලන්තයේ නගරාධිපතිවරුන් පත් කිරීම සදහා යොදාගැනේ. අතීතයේදී එනම් 1892 - 1942 දක්වා ක්වීන්ස්ලන්ඩ් ව්‍යවස්ථාදායක සභාව පත් කර ගැනීම සඳහාද මෙම ක්‍රමය යොදා ගැනුණි. අද දක්වා අඛණ්ඩව දීර්ඝතම කාලයක් ලොව භාවිතා කෙරුණු මැතිවරණ ක්‍රමය මෙය වේ. ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේද 1920 දශකයේදී මෙම ක්‍රමය භාවිතාවිය."
    මේ ටික තමා තේරෙන්නෙ නැත්තෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,038
    87,655
    113
    ආශ්චර්යමත් රටක
    අනුරට දෙන අය දෙන්නේ කතිරයක් පමණි 😍

    පොඩි හරි කැමැත්තක් තියෙනව නං රටේ වෙනසක් කරන්න ඕන කියලා හිත යට අනුර තියාගෙන දෙවෙනි මනාපයක් දෙනව කියල වෙන ගස් ලබ්බෙකුට පළවෙනි මනාප දීල වැඩක් වෙන්නෙ නෑ.

    පසුතැවිලි නොවන්න කතිරෙ අනුරට ගහන්න.
     
    • Like
    Reactions: Amith0424