අංශුවක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    එක තැනක ඉඳල තව තැනකට ගියා කියමු

    මුල් පිහිටීමෙයි නව පිහිටීමෙයි වෙනස වුණේ අවකාශයේද? කාලයේද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මොකක්ද බං මේ කියන්නෙ :confused: O P r කියන ඒව රූප සටහනක ඇඳල පෙන්නන්ඩකො. කියල තියෙන දේ මට තේරුම් ගන්ඩ බෑනෙ

    එක් ල’ක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට ගමන් කරනුයේ මේ නොවෙනස්වන (ලක්‍ෂ්‍ය මාරු කළ ද) ආත්මයක් හා අනන්‍යතාවක් සහිත අංශුව ය. එහි වෙනස්වීමක් ඇත්තේ ලක්‍ෂ්‍යයක සිට වෙනත් ලක්‍ෂ්‍යයකට යෑමේ හේතුවෙන් ය. ඒ වෙනස සිදුවන්නේ කාලයෙහි ය. අංශුව P නම් ලක්‍ෂ්‍යයක ඇති විට, එනම් P ලක්‍ෂ්‍යය සමග සමපාත වන විට O නම් ලක්‍ෂ්‍යයක් අනුබද්ධයෙන් P ලක්‍ෂ්‍යයෙහි පිහිටුම් දෛශිකය r යැයි සිතමු. දැන් r යන්න කාලයත් සමග වෙනස් වෙයි. එය r = r(t) යනුවෙන් දැක්විය හැකි ය. අපි r යන්න O ලක්‍ෂ්‍යයට අනුබද්ධව අංශුවෙහි පිහිටුම් දෛශික යැයි කියමු. එහෙත් එය නිවැරදි ප්‍රකාශයක් නො වේ. යන්න O ලක්‍ෂ්‍යයට අනුබද්ධව අංශුව ඒ අවස්ථාවෙහි සමපාත වී ඇති P ලක්‍ෂ්‍යයෙහි පිහිටුම් දෛශිකය වෙයි. පිහිටුම් දෛශිකයක් ඇත්තේ ලක්‍ෂ්‍යයකට අනුබද්ධව තවත් ලක්‍ෂ්‍යයකට මිස අංශුවකට නො වේ. එහෙත් බොහෝ විට බොහෝ දෙනා මේ වෙනස නොසළකති.

    කාලය වෙනස් වන විට P ලක්‍ෂ්‍යය වෙනස් වෙයි. අංශුවෙහි චලිතය යනු අන් කිසිවක් නොව අංශුව කාලයත් සමග ඒ ඒ ලක්‍ෂ්‍ය හා සමපාත වීම ය. කෙසේ වෙතත් r යන්න කාලයත් සමග වෙනස් වන්නේ සන්තතික ව ය. කාලය ද අවකාශය ද සන්තතික යැයි අපි සඳහන් කළෙමු. අංශුවට කාලය හෝ අවකාශයෙහි ලක්‍ෂ්‍ය හෝ පන්නා වෙනස් විය නො හැකි ය. මෙහි තේරුම r = r(t) යන්නෙන් කාලයෙහි හෙවත් t හි සන්තතික ශ්‍රිතයක් ලැබීම ය.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    බටහිර ලෝකයෙහි අවකාශය පිළිබඳ ඇති දෙවැනි සංකල්පය අයින්ස්‌ටයිනීය අවකාශය ලෙස හැඳින්විය හැකි ය. එය සාධාරණ සාපේක්‍ෂතාවාදය පදනම් කරගෙන ඇත. අයින්ස්‌ටයිනීය සංකල්පයට අනුව අවකාශය නිර්ණය වන්නේ අංශු, ද්‍රව්‍ය, විකිරණ ආදිය හේතු කොටගෙන ය. අංශු ද්‍රව්‍ය විකිරණ ආදියෙන් තොර ව අයින්ස්‌ටයිනීය අවකාශය නො පවතියි. අංශුවක්‌ නිර්මාණය වූ වහා ම එයට අදාළ ව අවකාශය ද (සාපේක්‍ෂතාවාදී අදහස්‌ අනුව අවාකාශ-කාලය ද) නිර්ණය වෙයි. අංශුවකින්, වස්‌තුවකින්, විකිරණයෙන් තොර ව අවකාශය නො පවතියි. ඒ අතර ම කිව යුත්තේ අවකාශයක්‌ නොමැති ව අංශුවක්‌ ද නො පවතින බව ය. අංශුවක්‌ නිර්මාණය වන්නේ ම අවකාශය (අවකාශ-කාලය) නිර්මාණය කරමිනි. ඉන්පසු වෙනත් අංශු නිර්මාණය වුව හොත් අවකාශ-කාලය ද වෙනස්‌ වෙයි.

    එපමණක්‌ නො වේ. අයින්ස්‌ටයිනීය සංකල්පයට අනුව අංශුවක්‌ හෝ වස්‌තුවක්‌ හෝ චලනය වීමේ දී ද අවකාශ-කාලය වෙනස්‌ වෙයි. මෙය නිව්ටෝනීය අවකාශ සමග සසඳා බැලිය යුතු ය. අංශු චලනය වූ පමණින් නිව්ටෝනීය අවකාශය වෙනස්‌ නො වෙයි. අංශු නිර්මාණය වූ පමණින් ද නිව්ටෝනීය අවකාශ වෙනස්‌ නො වෙයි. අංශු හා වස්‌තු දෙන ලද නිව්ටෝනීය අවකාශයක, අවකාශය වෙනස්‌ නො කරමින් චලනය වෙයි. එහෙත් අයින්ස්‌ටයිනීය අවකාශයෙහි අංශූ හා වස්‌තු චලනය වනවා පමණත් නො වේ. අංශු හා වස්‌තු හේතුවෙන් ද එහි චලනය හේතුවෙන් ද අවකාශය (අවකාශ-කාලය) වෙනස්‌ වෙයි.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ල් පිහිටීමෙයි නව පිහිටීමෙයි වෙනස වුණේ අවකාශයේද? කාලයේද?

    දෙකේම.