අකලට කොණ්ඩය සුදු වීමට විශ්මිත දේශීය ඛෙහෙ&#3501

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    අකලට කොණ්ඩය සුදු වීමට විශ්මිත දේශීය ඛෙහෙ&#3501

    හැමෝම ආසයිනේ ලස්සනට කොන්ඩේ තියන් ඉන්න. ඒ වගේ වෙලාවට ඔබේ කොන්ඩේ අතරින් පතරින් සුදු කෙස් කිහිපයක් මතු වී ආවොත් ඉතින් වස කැතයි. මේ වගේ වෙලාවට ගොඩක් දෙනා කරන්නේ කෘතීම ඛෙහෙත් වර්ග කොන්ඩේට දාලා තවත් වැඩේ මචිැඑ කර ගන්න එක. මෙන්න මේ වගේ අකලට සුදු වෙන කොණ්ඩය නැවත කළු කරගන්න නිවසේදීම කර ගත හැකි ස්වාභාවික ප්‍රතිකාර 4ක් ගැන අද විශ්ම ලෝකයෙන් කියලා දෙන්නම්

    ඔබට පුළුවන් කොණ්ඩයේ ළුණු ආලේප කරන්න

    ළුණු කියන්නේ කොන්ඩයට සැබැවින්ම ඉතාමත් ගුනදායක දෙයක්. ළුණු වලට සුදු කොණ්ඩය කළු කරන්නට හැකියාව ඇත. එමෙන්ම අධික ලෙස කොන්ඩේ ගැලවී යන අවස්තාවලදී ද ළුණු මගින් එම තත්වය මග හරවා ගත හැකි වෙනවා. මෙහිදී සම්පුර්ණයෙන් හිසේ ගෑමට තරම් අවශ්‍ය ළුණු ගෙඩි ප්‍රමානයක් අර ගෙන ඒවාහි පොතු ඉවත් කර ගන්න. ඉන්පසුව හොදි අඹරා ගෙන හිසේ ගා විනාඩි 30ක් පමණ සිටින්න. පසුව හොදින් සෝදා හරින්න. මේම සත්කාරය නිවැරදිව දිගින් දිගටම් කරොත් ඔබේ සුදු වේගෙන එන කොණ්ඩය නැවත කළු කර ගත හැකියි

    පොල්තෙල් සහ ලෙමන් යුෂ සත්කාරය

    ඇත්තටම ශ්‍රී ලාංකික අපිට නම් පොල් තෙල් වල තියෙන උසස් ගුණය ගැන අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න දෙයක් නැනේ. ඉතින් මේ ඉතා ඉහල මට්ටමේ පෝෂණයක් ඇති පොල් තෙල් සමග ලෙමන් යුෂ මිශ්‍ර කර ඔලුවේ ගෑමෙන් ඔබට තවත් විශ්මිත වූ ප්‍රතිපල ලබා ගැනීමට හැකි වෙන බව පර්යේෂකයන් සනාථ කර තිඛෙනවා. එම නිසා ඔබටත් ඔබේ සුදු වේගෙන එන කොණ්ඩය නැවත කළු කරගැනීමට අවශ්‍ය නම් පොල්තෙල් සමග ලෙමන් මිශ්‍රණය හිස්කබලේ හොදින් වදන සේ ආලේප කර සම්බාහනය කර බලන්න

    එරඩු තෙල්

    කොන්ඩේ අධික ලෙස ගැලවී යන ඇයට මෙන්ම අකලට කොණ්ඩය සුදු වෙන අයටත් ඔන්න කරන්න පුළුවන් තවත් විශ්මිත සත්කාරයක් තමයි මේ එඩරු තෙල් සත්කාරය. හිසට අවශ්‍ය තරම් එඩරු තෙල් ටිකක් ගෙන හිස්කබලට හොදින් වසින සේ සම්බහනය කරන්න. මෙය රාත්‍රියේදී සිදු කර උදෙන්ම සෝදා හරින්න. එවිට වඩාත් ඉහල ප්‍රතිපල ඉක්මනින් ඔබට ගන්න පුළුවන් වේවි.

    කැරට් යුෂ

    දිනපතා කැරට් වීදුරුවක් බොන්න පුරුදු වෙන්න. අකලට කොන්ඩේ සුදු වෙන්නේ ඔබේ කොන්ඩේට අවශ්‍ය තරම් නිසි පෝෂණයක් ඔබේ ආහාර තුලින් ලැඛෙන්නේ නැති නිසා. ඉතින් ඔබ දිනපතා කැරට් යුෂ වීදුරුවක් බොන්න පුරුදු උනොතින් හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය ඇති වෙන්න එයට ලැබේවි. ඒ වගේම ඔබේ සමත් වෙනදාට වඩා සුදු වෙන්න පටන් ගනීවි.

    ලිපිය අවසානයේ ඔබට හොදින් මතක තියා ගන්න ඕනේ දෙයක් කියන්නම්. කොන්ඩේ සම්බන්ධව ප්‍රශනයක් තියෙන මේ ලෝකේ ඉන්න එකම එක්කෙනා ඔබ නොවෙයි. ඒ නිසා ඔබේ කොන්ඩේට මේ වගේ ප්‍රශනයක් අවාම ඉක්මන් කෘතීම විසදුම් හොයන්න ගිහින් ඉතුරු වෙලා තියෙන කළු කෙස් ටිකත් නැති අකර ගන්න එපා. පුළුවන් තරම් ස්වාභාවික දේවල් වලින් ප්‍රශ්නේ විසදා ගන්න බලන එක තමයි හොදම විසදුම.


    Source - http://www.tharunaya.us
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    :yes::yes::yes:

    thank-you-glitter-animation.gif