අකලට පුරන් වූ කුඹුරු
ඕන්න අයියලා අක්කලා අහගන්ටකෝ මේ පහුගිය දොහේ මට වෙච්ච ඇබැද්දිය. මොර සූරන වැස්සේ මේ සම්මජ්ජාතියේ වැඩක් කොරන්ට හිත දෙන්නැති සීතලේ ගේ ඇතුලට වෙලා වහින හැටි බලාගෙන උන්නා. මේ වෙලාවෙ මතක් උනේ නැතෑ කවියක්. ඒ එක්කම ඒ කවියට උත්තර විදිහට දෙන්ඩ පුලුවන් කවි හතරක්!
කවිය කියන්ට මූලික වෙන්නේ ඉටිකිරිස් රූපයක් තියන ඉස්තිරියාවක්. අනේ අප්පෝ කොච්චර ලස්සන උනත් මේ ඉස්තිරියාවගේ සුවාමි පුරුසයා වල කජ්ජං ගහලා. කොටිම්ම කියනවනං උන්දෑ වැන්දඹුවක් ආයිබෝං. ඉතින් ඔය ඉස්තිරියාව දකින අපේ ගොයියෙකුට අදහසක් පහල වෙනවා. උන්දැ කයියකිම්ම තමුන්නෙ අදහස කියා පානවා...
අකලට පුරන් වූ කුඹුරක් දකින විට
ඇඟ පත කහන ගතියක් එයි ගොවියෙ කුට
අඳ කුඹුරකින් වී ලාහක් නැතු වාට
සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි මට
තෙරුනානේ කතන්දරේ! උන්දැ මේ හදන්නේ කුඹුර 'අඳේට වැඩ කොරන්ට' මිස සින්නක්කර ගන්ට නෙවෙයි. මොකද උන්දැට අයිති 'සින්නක්කර කුඹුරක්' වෙනම තියනවා.
දැන් අර ඉස්තිරියාවගෙ වාරේ. මොන වගේ උත්තරයක් දෙන්ඩ ඇද්ද උන්දැ? පුලුවන්නං කියමු බලන්ඩ!!!
වෙන්ට පුළුවන් පළවැනි කතන්දරේ
මෙන්න ඉස්තිරියාවගේ උත්තරේ....
අයියන්ඩී උඹ වැනි ගොවි රජෙක් හට
නියරක් මොටද කුඹුරක් හී හාන්න ට
කන්නක් දෙකක් කැකුලන් ඉහ බලන්න ට
කාගෙන් තහනමක්දෝ යල මහ දෙක ට
තේරුනානේ උන්දැ ඉහටත් උඩින් කැමතියි 'හාන්ඩ' බැයිනං 'කැකුලමට' හරි කන්නයක් දෙකක් වැඩ කරලා බලන්ට!!!.
වෙන්ට පුළුවන් දෙවැනි කතන්දරේ
හිමි නැති ගේ වී ලාහත් බුසලක්ය
කැඳ උගුරකට හකුරුත් අම බිඳුවක්ය
කුඹුරේ දෙහිය හෑමට ගොන් බානක්ය
අයියත් එක්ක පොඩි මල්ලිත් එනවාය
කැමතියි අකමැතියි!! පොඩි මල්ලිත් එනවා කුඹුර හාල දෙන්ඩ. අයියන්ඩිත් කැමති නං එන්ට. මොකද බිං නැගුමට (පලවෙනි හීය) පස්සේ දෙහිය (දෙවෙනි හීය) හාන්ඩ ගොං බානක් හිටියට වැඩි වෙන්නෙ නෑ. හැබැයි ඕං මං නෑ මොකක් හරි හුටප්පරයක් උනොත් හෙම ඈ!!
වෙන්ට පුළුවන් තුන්වැනි කතන්දරේ
වනචර කමට කට හොල්ලන ගොළු බෙල්ලා
අවසර නැතුව හී හෑමට එන බල්ලා
කටුසර බෝග කමි කුඹුරින් නැත පල ලා
වට පැන්නොතින් කොටනවා අම්මා පල්ලා
යකෝ කුඹුරින් හාල් නැත්තං අලයක් ගලවං කාලා ජීවත් වෙනවා. තොපි වගේ කඩප්පුලි වැඩ කරන ගොයියෝ මොකටද මට! හුහ් වරෙංකො මේ පැත්තෙ කොටනවා කැත්තෙන්!!!
ආය අහනවා කැමතිද කියලා. මට නං බෑ ඕක තේරුං බේරුං කර ගන්ඩවත් ඒ පැත්තේ යන්ඩ. බොලාම ගිහිං අහගල්ලා!!
වෙන්ට පුළුවන් හතරවැනි කතන්දරේ
අකලට පුරන් වූ කුඹුරක් දකින විට
ඇඟ පත රිදිය හැකි මුත් හොඳ ගොවියෙකුට
ටැට්ටරයක් දමා මඩ කල මහ කුඹුරකට
මොන හෑමක්ද මොට වූ ලී නගුලකට
අපොයි අම්මේ මෙහෙමත් නව නිග්ගිරහාවක්!! බැයිනං බෑ කිව්වනං අහවරයි නෙව මේ අලුගුත්තේරු කතා නොකියා!!
ඔය සිද්ධි කොයි කාලේ උනාද එහෙම නැත්තං ඇත්තටම උනාද වගේ පුරස්න මගෙන් අහන්ට එපා අයියලා අක්කලා. ඉතින් මට වෙච්ච ඇබැද්දිය මොකද්ද දන්නවද...ඔය කවි වලින් දැන් වැඩක් ගන්ඩ බැයිදෝ කියල කම්පනා වීම. පුලුහන් බව තේරුනත් මොන කවිය කොයි වෙලාවේ කියන්ටද කියල හිතා ගන්ට බැරි උනා. පුලුහන් නං මෙන්න මේ අවස්ථා වලදී දෙන්ට ඕන උත්තරේ මොන කවියද කියල කියල දීහල්ලකෝ ඔක්කොම එකතු පහදු වෙලා.
1. පෞද්ගලික අධ්‍යාපනය කියන ඉස්තිරියාවට කවි කියන ජෙප්පොන්ටයි පෙප්පොන්ටයි
2. මහ බැංකුවට කවි කියපු උන්ට
3. ව්‍යවස්ථාවට කවි කියන ජාතිවාදීන්ට
4. මහජනයගේ සල්ලිවලට කවි කියපු, කියන හැත්ත හැතිකරේ ඔක්කොටම
http://kattakaduwa.blogspot.com/2017/11/blog-post_11.html