අක්කන්ඩියේ සමාවෙයන්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අක්කන්ඩියේ සමාවෙයන්

    සක්මන් කල තැන් බෝ වැඩි ....වෙන්නේ....
    මන්මත් හරසුන් වැකි ...........තෙපලෙන්නේ.....
    සන්සුන් සිත ඇගෙ චංචල ........වෙන්නේ.....
    අක්කන්ඩිය හිත නොහොදෙනි ...ඉන්නේ...

    එක් වදනක් තව දුරදිග......... යන්නේ...
    ඉන්පසු කෝපය ඉහටම .........එන්නේ...
    හුරතල් වචනෙට තිත ............තබමින්නේ.....
    රොස් පරොසින් නොවැ මට .....අමතන්නේ....

    යලි එන් නෑ ඇය කෑමොර .....දෙන්නේ...
    ඇගෙ අඩුවයි මට මැවිලා ......පෙනෙන්නේ...
    ගියොත් ගියා නෑ ආයෙත් ......එන්නේ..
    අක්කගෙ වැඩ ඔහොමයි .......නිමවෙන්නේ....

    වරදක් කෙරුවත් නැත ........හංගන්නේ...
    විහිළුව ඇයි මේ දුරදිග ........යන්නේ....
    අන්තිමේදි ඔබ තරහෙන් ......ඉන්නේ....
    අයිද මටම මේ දේවල් ........වෙන්නේ......

    මුතුපෙල සේ සුදු මුදු ..........දසනින්නේ...
    සොදුරු වතට නව එළියක් ...දෙන්නේ...
    රුවැති ඔබට පුන්සද ..........පැරදෙන්නේ...
    එවැනි මුහුනෙ ඇයි අබ .......පුපුරන්නේ....

    නිදුක් නිරෝගී බව වැඩි .......වෙන්නේ...
    ලස්සන මුහුනට ඔපය ........වැටෙන්නේ...
    වයසත් තව තව පස්සට ........යන්නේ...
    තරහා නිවුනමයි මේවා ........වෙන්නේ......

    එකෙක් කියා නැත තරහෙන් ...ඉන්නේ...
    හොද හිත විතරයි නිති .........බැබලෙන්නේ...
    මගෙත් හිතේ වෙන කහටක් ...නෑනේ...
    සමාවෙලා ආයෙත් මෙහි ......එන්නේ.....

    ie28099m-sorry-letters2.png

     
    • Like
    Reactions: 9dimuthu

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නැත. අක්කා කෙනෙක් හිටියොත් බදින්න කැමතිද ? :rolleyes::cool:
    ගලක් උඩින් මලක් ති‍යල ගලමල කි‍යපන්.....
    උඹේ අක්කා මුට දීලා මස්සිනා කි‍යපන්.....


    000203FA.gif