මචන් ඔය රෙදි බෙදිල්ලෙදි එදා ඉඳන් අක්‍රමිකතා තිබ්බා. ගොඩක් වෙලාවට ඒ අක්‍රමිකතා ඇතිවුනේ ඇමතිලගේ අනුදැනුම ඇතුවයි. ඇමතිට හොරකම් කරන්න ඕනේ නැති නිසා තමයි වවුචර් ක්‍රමේ ගෙනාවේ. ඒක හොඳ සිතුවිල්ලක්. ඒත් ඒක දෙමව්පියන්ට කරදරයි. කරන්න තිබ්බේ දක්ෂ පාලකයෝ පත්කරලා හොරකම් වෙන තැන් වෙලට විශේෂ අවධානයක් යොමු කරලා වැඩේ දිගටම කරගෙන යන්න. මේක අතිසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්.
මචන් මම ගොඩාක් දුප්පත් යාළුවන්ව ආශ්‍රය කරලා තියෙනවා. සපත්තු දෙක කැඩිච්ච බෑග් ඉරිච්ච දවක් කෑමක් හරියට නොකන යාළුවො ඒ අතර හිටියා. ඒත් ඒ හැමෝම ජනවාරිමාසේ ලස්සන ඇඳුමකින් දකින්න පුළුවන් උනා. උන්ට අලුත්දේකට තිබ්බේ ඇඳුම විතරයි. උබට මතකද අපි පොඩි කාලේ මිස් අලුත් ඇඳුම් බෙදනකොට අපේ නම කියවෙනකම් බලාගෙන හිටියා? රෙදි හම්බ උනාට පස්සේ පරිස්සමට බෑග් එකේ දගෙන ඉස්කෝලෙන් ඉවර උනාට පස්සේ බෑග් එකේ ඇඳුම් තියෙනවද කියලා ආයිත් ඇරලා බලල පංතියෙන් එලියට බැහැපු කෙනෙක් නෙවෙයිද උබ? හිතේ සතුට වව්චරයෙන් ලබෙන්නේ නෑ බන්. අකිලයා ඒකටත් කෙලියා. වත්කමක් තියෙන එකා වවුචරෙත් දීලා ඉතුරුවා අතින් දාලා හොඳ රෙදි කෑල්ලක් අරන් මහා ගනියි. දුප්පත් එකා බාල රෙද්දක් අරගෙන මහ ගනියි. හිතපන් ඕක පොඩි ගැහැනු ලමයෙක්ට උනොත් මොකෝ වෙන්නේ කියලා. අතින් සල්ලි දාන්න බැරි නිසා ලාබෙට දුහුල් රෙද්දකින් මහගෙන ඉස්කෝලෙ යන්න සිද්ද උනොත්. ඒ ගැහැනු ලමයා උබේ අක්කා, නංගි හෝ දුව නම් උබට මොනා හිතෙයිද? සීතල කාමරවල ඉන්න ගන් කබරයින්ට ඔවා තේරෙන්නේ නැති නිසා තමයි මුන් ඔය වගේ තිරන කිසිම ඉවක්බවක් නැතුව ගන්නේ. දුක දන්න මිනිස්සු වශයෙන් මේ වගේ වඩවල් වලට අපි විරුද්ද වෙන්න ඕනේ බන්. පොඩ්ඩක් හිතපන් ඒ ගැනත්.
මචන් උඹ මම කියපු දේ හරියට තේරුම් අරන් නැහැ.
මම මුලින්ම කිව්වා අදහස වැරදි නැහැ නමුත් " ක්‍රියාත්මක කරපු විදිය වැරදී කියල" සමහර විට වවුචරේ ගාන මදි ඇති.එහෙනම් ඒක ප්‍රමාණවත් ගානට වැඩි කරන්න ඕනි. මීට වඩා ක්‍රමවත්ව රෙදි ගන්න ක්‍රමයක් හදන්න ඕනි.
උඹ අන්තිම දවසේ ටීචර් නම කියවපු හැටි කියනවා. දෙමව්පියන්ට වන කරදරය කියනවා. ඇයි උඹ හිතන් නැත්තේ රටේ නොමිලේ ඉස්කෝල හදනවා,ගුරුවරුන්ට පඩි ගෙවල නොමිලේ උගන්වනවා , පෙළ පොත් නිකම් දෙනවා. සමහරුන්ට දිවා අහරයත් නිකම් දෙනවා. LAB , ක්‍රීඩා උපකරණ, විෂය බාහිර කටයුතු කරන්න අවශ්‍ය දේවල් ගොඩක් නොමිලේ ලැබෙනවා. එහෙම එකේ නිකම් දෙන රෙද්දත් අපේ පහසුවට ලැබෙන්න ඕන කියල. නිකම් ගිහින් බලපන් චිනේ ඉන්දියාවේ ළමයි කොච්චර කට්ටක් කනවද ඉගෙන ගන්න කියල, අඩු ගානේ දෙන වවුචරේ කඩේට ගෙනිහින් රෙදි ගන්න දෙමව්පියන්ට බෑ කියන එක එච්චර සාදාරන නැහැ.
ඉස්සර අපිට ආහාර මුද්දර බෙදුව ඉස්කෝලේ.මම හිටියේ හෝඩියේ හෝ 1 වසරේ.එත් මම එකෙන් තනියම සමුපකාරේට ගිහින් හාල් සීනි වගේ ගෙදරට ඕන බඩු ගත්ත( හිමිට චොකලට් එකකුත් ගත්ත). දැන් ඕක තිබුනොත් මිනිස්සු කියයි බඩුටික ඉස්කෝලෙට ගෙනත් බෙදා දියව් කියල.
මචන් අපේ රට ඉන්දියාවට, චීනෙට අඩුමගානේ පකිස්තනෙට බන්ගලදෙශේටත් වඩා දුප්පත්. අපි මේ හැමදේම නිකන් ලැබෙන්න ඕන කියන මානසිකත්වයෙන් මිදෙන්න ඕන.
උඹ video එක හරියට බැලුවොත් පේනවා ඒක ගෑනියෙක් කියනවා ඔය වවුචරේට හරියන ගානට රෙදි දෙන්න කියල. එතකොට කඩේ එකා කියනවා එකට දෙන්න පුළුවන් ඔච්චරයි කියල. අනිත් කඩේ ගෑනි කියනවා අපි ළඟ තියෙන්නේ හොඳ බඩු ඒක ගණන් වැඩි කියල. අඩු එක දුන්නේ නැත්තේ කවුරුත් ඉල්ලුවේ නැති නිසා කියල. ඒ කියන්නේ කඩ කාරයොත් බලන්නේ මේකෙන් කියක් හරි තව කඩාගන්න.