අකුණක්_වැදුණා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෙය එදිනෙදා මා උදේ කෑමට යනේ කඩේ සිද්ද වෙන සැබෑ දේ එළකිරි සාමාජිකයින් හමුවේ තබමි. මේ සියල්ල එදිනෙදා වෙන සත්‍ය සිදුවීම් වේ.


මාගේ පෙර සටහන් .


http://www.elakiri.com/forum/showthread.php?t=1763138

http://www.elakiri.com/forum/showthread.php?t=1763296

http://www.elakiri.com/forum/showthread.php?t=1763457

http://www.elakiri.com/forum/showthread.php?t=1763722

http://www.elakiri.com/forum/showthread.php?t=1763894

amala-paul-real-life-photos.jpg




මට දැන් මේ සටහන් ලිවිම ඇති කියලත් හිතෙනවා. අද උදෙත් 5 ට පමණ ඇහැරුනා අතර සුපුරුදු පරිදි ව්‍යයාම වලින් පසුව උදේ කෑමට කඩේට ගියා. මම තවම දන්නේ නැහැ මම ඇයි මේ කඩේටම යන්නේ කියලා. මිට වඩා වෙන කඩ නැතුවටද .? හැමදාම කිබුලා කිරිමැටි ගිලින්න වගේ පරිප්පුයි පානුයි ගිලින්නේ ඇයි. නංගිව බලන්න යන්න තියන ආසාවටද ? මා මේ මේ කිසිවෙක් නොදන්නා න
න්නාදුනන ඇයට ඇයි මේ තරම් උදවු කරන්නේ. අඩුම තරමේ මගේම සහෝදරියටවත් මේ විදිහට උදව් කර නැත. මගේ සහෝදරිය කොහේ හරි යන්න කතා කලත් මා කන්කෙදිරිගමින් ඇයව මග හරියි. නැතිනම් ඇය මොනවා හරි දෙයක් කඩෙන් ගෙනත් දෙන්න කියුවිට මා ඇයට බැනවදියි.

මේ සියල්ල මගේ ඔලුවේ කරකවෙන්නේ මහා අවුල් ජාලයක් මෙනි. මම මගෙන්ම මේ සියල්ල ප්‍රශ්න කරගත්තෙමි. ඕන පුකක් කියලා මම කඩේට ගොඩ වැදුනා.

යනකොටම කඩේ රණ්ඩුවක්. බාස්ල සෙට් එකක් නංගිගෙන් ගේම ඉල්ලනවා. බාස් ල සිගරට් ඉල්ලලා . එත් කඩේ සිගරට් ඉවර වෙලා. බාස්ල හිතන් ඉන්නේ මිල වැඩි වෙන නිසා නංගි සිගරට් සඟවා ඇති කියලාය. සැබවින්ම ඇයට එසේ කිරීමට උවනාවක් නැත. මට වීරයා වගේ රණ්ඩුවට අත ගැසුවෙමි. :D පසුව කොහෙන් හෝ සවසට කඩේට සිගරට් ගෙන බව පොරොන්දු වී බාස් ල ටික විසුරුවා හැරියෙමි.

නංගි කෝ අක්කා . මම ඇසුවෙමි. එයාදැන් ටිකකට කලින් ගෙදර ගියා. අයේ දවල්ට ඒවි.

නංගි මටනම් දැන් පාන් ගිලලා ඇතිවෙලා. නැද්ද වෙන මොනවත් ? අයියා ඉදියාප්ප තියනවා . කනවද . හා නංගි එහෙනම් ගෙන්නකෝ.

ඇය ඉදියාප්ප 15 සමග රතට රතේ දිලිසෙන කුකුළුමස් හොද්දක් , අලකිරි හොද්දක් සහ සම්බෝලයක් ගෙනාවාය. පුදුම රසකි. නංගිට ඉතා රසට ඉවීමේ දක්ෂතාවය ඇත.

උදේ ආහාරයෙන් පසුව ඇය සමග මා සුහද පිළිසඳරක යෙදුනි. නංගි ඉතින් බදින්න අදහසක් නැද්ද ? . අදාලම නැති ප්‍රශ්නයක් ඇයගෙන් ඇසුවෙමි. බදින්න නම් මට ඕනේ නැහැ . එත් ඉතින් අපේ අම්මාලා හොයනවා. ඒත් අයියේ මට ආයේ වලේ වැටෙන්න බැහැ. මට කසාදයක් ගැන හිතන්නවත් බැහැ. එතරමට එපා වෙලා.

උහත්කොටික ප්‍රශ්නයකි . ඇයි නංගි එපා වෙලා ඉන්නේ. ඒවා ගැනනම් වැඩක් නැහැ අයියේ කතා කරලා. කමක් නැහැ ඔය කැමතිනම් කියන්නකෝ.

වැඩක් නැහැ අයියේ. මම මනුස්සයෙකුට රැවටුනා. මම කලින් බැඳපු කෙනෙක්. මම බදිනකොට මට වයස 19 . මගේ මුළු තරුණ ජිවිතයම විනාශ උනා. යාළුවෙලා බැන්දේ. එයා මට වඩා අවුරුදු 3 කින් වැඩිමහල්. බැන්දට පස්සේ සියල්ලම වෙනස් උනා. ඒ මනුස්සයා ගංජා අරක්කුවලට වලට ඇබ්බැහි උන මනුස්සයෙක්. මට හැමදාම ගහනනවා. එක සැරයක් බෝතල් කට්ටකින් මගේ පිට කැපුවා. සති ගණනාවක් මම හොස්පිටල් එකේ හිටියා. පස්සේ දැනගන්න ලැබුන එයා යම්කිසි මානසික රෝගයකින් පෙළෙනවා කියලා.

ඇයගේ කතාන්දරය පැයකට වඩා කිවාය. කිහිපවරක් ඇයගේ පෙර සැමියා පාන් කපන පිහිය ගිනියම් කර ශරීරයේ විවිද ස්ථාන පුළුස්සා ඇත. ඉන්න බැරිම තැන ඇය නිවසෙන් පැන ගොස් දෙමවුපියන් සමග පොලිසයට පැමිණිලි කිරීමෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. මිට ටික කලකට ඉහතදී ඇයගේ දික්කසාදය ලබාගත්තාය. වාසනාවට ඇයට ඔහුගෙන් දරුවන් නැත. සිටියානම් දරුවනුත් ඔය කරුමේ විඳවන්න වෙනවාය. එසේනම් දරුවන්ට පියෙක් නැතිවෙනාවය.

ඇයගේ පෙර ජීවිතය පිලිබඳ වැඩි විස්තර අයගේ පවුද්ගලිකත්වය අරක්ෂවනු පිණිස එළකිරි සාමාජිකයින් හමුවේ තැබීමට නොහැකිය. එතරමට දුක්කදායකය.

ඇයගේ පිච්චුනු ස්ථාන පෙන්වමින් ඇය මා ඉදිරියේ හඬන්නට වුවාය. මටද ඇය පිලිබඳ ඇතිවුයේ අපමණ වේදනාවකි. ඇය ඉකි ගසමින් හඬන්නට විය.

මා ඇයව තුරුළු කරගනිමින් හිස අතගාමින් සැනසුවෙමි. ඇය මාගේ පපුවට මුහුණ හොවාගෙන අඩන්නට විය. මා ඇයව තවදුරටත් සැනසුවෙමි. ඒ සමගම මහා බක්මහ අකුණක් ගැසුවාක් මෙන්
මා ඇයගේ දෙතොල් සිපගත්තෙමි. විනාඩියකට වඩා ඇයත් මමත් දෙතොල් සිපගත්තෙමු. මහත්වූ ආශාවකින් අන්ධව හැගීම්වලට වහල් වී අපි දෙතොල් ඉරුවෙමු.. ඒසමගම කඩේට කෙනෙක් එන සද්දේ ඇසී ඇය කුස්සියේ සිට කඩය ඇතුලට දිවයන්න සිදු උනි.

ඒ සමගම මා කලේ මහත්වූ වැරද්දක් බව මට වැටහුණි. එම හැඟීම ම ඇයටද දැනුනි. මට සමාවන්න අයියා. මන් හිතල නොවෙයි මේ හැමදේම කලේ. මටද ඇතිව ඇත්තේ මහත් වූ වැරද්දක් කල පුද්ගලයෙකු ලෙසය. අනේ නංගි මටත් සමාවන්න. මම තමයි ඔයාව මේකට පටලවා ගත්තේ. මම මහත්වූ අවුල් මනසින් කඩෙන් පිටව ආවෙමි. මග කඩේකින් දුමක් දාගෙන අවුල් වූ මනසින් ගෙදර පැමිණියෙමි.

මා තවදුරටත් නංගිගේ කඩයට ආපසු නොයා සිටිය යුතුයි තීරණය කලෙමි. ප්‍රශ්නයකට මුල පිරිම ලෙහෙසිය. නමුත් එය පසු කාලීනව එය නිරාකරණය කිරීම අපහසුය.

නැවතත් කඩයට යාමෙන් වෙන්නේ ඇයට බලාපොරොත්තු දීමය. මටද හැඟීම් පාලනය කල නොහැකි වනු ඇත. වාසනාවකට ද කොහේදෝ කෙනෙක් කඩේට කෙනෙක් පැමිණියේය. යම් ලෙසකින් ඔහු නොපැමිණියේනම් සිද්ද වෙන දෙය මතක් වෙනකොටත් බිය කරුය.




 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
uba kade inna welawata wena kawuruth kadeta ennema nadda ?


උදේ 9ට පස්සේ සෙනග නැහැ. අනෙක මේක මහා ලොකු හෝටලයක් නොවෙයි. මේස දෙකයි තියෙන්නේ. ගොඩක් මේකෙන් කන්නේ බාස්ල , ත්‍රිවිල් පොරවල් වගේ අය.
 

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

උදේ 9ට පස්සේ සෙනග නැහැ. අනෙක මේක මහා ලොකු හෝටලයක් නොවෙයි. මේස දෙකයි තියෙන්නේ. ගොඩක් මේකෙන් කන්නේ බාස්ල , ත්‍රිවිල් පොරවල් වගේ අය.

oya kawuda?
bass kenek da threewheel driver kenekda? :rolleyes:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ ඉතින් ඒ කෙල්ලව බැදපන්කො, බැදල හැමදාම කරන දේවල් පොස්ට් කරපන්.:rofl: