අකුණු_ඇතිවෙන_විදිය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අකුණු_ඇතිවෙන_විදිය

    තවමත් ස්වභාවික ආපදා ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්න හිතුවෙ. ගංවතුර ගැන නම් නෙවෙයි. මේ කියන්නෙ අකුණු අනතුරු ගැන. හැබැයි හැමදාම අහන සාම්ප්‍රදායික කතා වලින් ටිකක් එහාට ගිය දේවල් ගැන. මුල ටික නොතේරෙන අයත් දිගටම කියවන්න.
    සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. ඒත් වළාකුලකට කොහෙන්ද ආරෝපණ? මතකද පොඩි කාලෙ පෑනක් හිසකෙස් වල පිරිමැද්දම ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණය? ඒ වගේම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් තමයි වළාකුලත් චාජ් වෙන්නෙ.
    ඒක හුළඟින් ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවෙන්නත් පුළුවන් වළාකුළු 2ක් එකිනෙක ඇතිල්ලීගෙන යද්දි ඇතිවෙන ඝර්ෂණයෙන් වෙන්නත් පුළුවන්. තවත් හේතුවක් තියෙනවා. අහල ඇතිනෙ රත්වූ වාතය / ජලය එහෙම ඉහළ යනවා, සීතල දේවල් පහළට එනව කියල. ඔය තියරියම වළාකුල ඇතුලෙත් සිද්ධවෙනවා.
    වළාකුලේ යට හරියෙ තියෙන්නෙ සාපේක්ෂව උණුසුම් ජල වාෂ්ප. වළාකුලේ උඩ හරියෙ තියෙන්නෙ ඉතාම සිසිල් ice crystals. ඉතින් කලින් කිව්වා වගේ ජල වාෂ්ප උඩට යනවා, අයිස් ස්ඵටික යටට එනවා. ඒ එන අතරමගදි මේ දෙගොල්ලො එකිනෙක ඇතිල්ලීගෙනයි එන්නෙ. ඉතින් ඒ ඇතිවෙන ඝර්ෂණය නිසාත් ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගන්නවා.
    ආරෝපණ කිව්වම ධන (+) ආරෝපණ සහ ඍණ (-) ආරෝපණ 2ම වළාකුලේ විසිරිලා තියෙනවා. මේ විසිරුණු ආරෝපණ වලින් ධන අරෝපණ ටික වළාකුලේ ඉහළට ගිහින් ඍණ ආරෝපණ ටික පහළට ඇවිත් වළාකුල දෙකට බෙදනවා හරියට බැටරියක උඩ පැත්ත ධන හා යට පැත්ත ඍණ වගේ.
    ඇයි වළාකුලේ පොළොවට ලඟ යට පැත්තම ඍණ වෙන්නෙ? මොකද පෘථිවි පෘෂ්ඨය ධන ආරෝපිතයි. ධන කෙනා ලඟට ආකර්ෂණය වෙන්නෙ ඉතින් ඊට විරුද්ධ ඍණ කෙනානෙ. හැබැයි මේ ආරෝපණ බෙදීම නිශ්චිතවම වෙන හැටි ගැන තාමත් හොයාගෙන නෑ.
    අකුණු වළාකුලක් කිට්ටු වෙද්දි පොළොවෙ තියන ධන ආරෝපණ ටිකත් යකා නටන්න ගන්නවා. මොකද එයත් කැමති සෘණ අයටනෙ. ඉතින් ඒ සෘණ ආරෝපණ ටිකත් ගස් උඩට, ඇන්ටනා වලට, වහලවල් උඩට, අකුණු සන්නායක උඩට වගේ වළාකුලට ලඟම තැන් වලට පුළුවන් තරම් එකතු වෙනවා. විශේෂයෙන් උල් හා දාර ඇති සන්නායක තුඩු වලට. ගිහින් අර වළාකුලේ තියෙන සෘණ ආරෝපණ තමන් ලඟට එනකල් ආසාවෙන් බලන් ඉන්නවා.
    හැබැයි යන්නෙ "පොළොවට සම්බන්ධ" සන්නායක දිගේ.
    උදාහරණ : යකඩ දිගේ, කඳු උඩට,
    ගස් දිගේ (ගස් ඇතුලෙ වතුර තියෙනවනෙ. වතුර හොඳ සන්නායකයක්),
    මිනිස්සු දිගේ (අපේ ශරීරයෙනුත් 70%ක් විතර ජලයනෙ).
    අකුණු වළාකුලකට වෝල්ට් "මිලියන" 100කට වඩා වැඩි විභවයක් තියාගන්න පුළුවන්. ඒ වගේම කූලෝම් 5ක 15ක වගේ සෘණ ආරෝපණයකුත් තියෙනවා.
    ඉතින් මේ සෘණ ආරෝපණත් අර ඇන්ටනා උඩට වෙලා තමන් එනතුරු බලන් ඉන්න ධන ආරෝපණ ටික දැක්ක ගමන් ඉක්මණට එයාල ලඟට පනිනවා (ප්‍රභල අකුණකට සැතපුම් කිහිපයක තිරස් දුරකට පනින්න පුළුවන්).
    ඕකට තමයි සරළව අකුණක් කියන්නෙ.
    අකුණක් හටගන්නෙ එක්කො වළාකුළු 2ක් අතර (එක වළාකුලක සෘණ පැත්ත හා තව වළාකුලක ධන පැත්ත අතර පනින පුළිඟුවක් හෙවත් spark එකක් ලෙස). නැත්තං වළාකුලක් හා පොළොව අතර.
    දැන් ටිකක් කතාවෙ ගැඹුරට යමු.
    අකුණු සැරයක උෂ්ණත්වය සෙල්සියස් 20000ට වැඩියි. ඒ උෂ්ණත්වය නිසා අකුණ ගහද්දි ඒ අවට වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. ඒක තමයි අපිට අකුණක සද්දෙ විදියට ඇහෙන්නෙ.
    ඇයි අකුණක් zigzag ආකාරයට ගමන් කරන්නෙ? මේකත් සිදුවන හැටි තාම හොයාගෙන නෑ. හැබැයි වෙන්නෙ මේකයි. අකුණ ඉතාම ප්‍රභල වුණාට මොලේ කළඳක් නෑ. අකුණ ටික දුරක් පහළට එනවා. ඇවිත් තත්පරයෙන් 1/20000ක පමණ කාලයක් ඔළුව කස කස වටපිට හොයල බලනව කොහෙද පොළොවට සම්බන්ධ ළඟම ධන ආරෝපණය (පොළොවට යන ලේසිම පාර) තියෙන්නෙ කියල. ඒ කාලයෙ තමයි zigzag එකේ තිරස් ඉර හැදෙන්නෙ. ගමනාන්තය හොයාගන්න බැරිවුණොත් ආපහු ටික දුරක් පහළට ඇවිත් ලැජ්ජ නැතුව තව තත්පරයකින් 1/20000ක කාලයක් කස කස හොයනව පොළොවට යන ලේසිම පාර කොහෙද කියල. ඔන්න දෙවනි zigzag එකත් හැදුනා. ඕක පාර හොයාගන්නකන්ම වෙනවා.
    ඒ වගේම අකුණක් ගහක මුල් පද්ධතිය වගේ අතු බෙදෙනවා. බෙදිල ගිහින් හොයනව කොහෙද පොළොවට යන ලේසිම පාර කියල. ඒක නම් හැමෝම දැකල ඇතිනෙ.
    තව ප්‍රශ්නයක්.. කලින් කිව්ව වගේ වළාකුලෙන් පොළොවට එන්නෙ සෘණ ආරෝපණ. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන. ඒත් ධාරාව (current) ගමන් කරන්නෙ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවටනෙ. එහෙම නම් ඇත්තටම අකුණ වදින්නෙ අහසින් පොළොවටද? නැත්තං පොළොවෙන් අහසටද?
    *--Return Stroke--*
    අතු බෙදිලා zigzag හදල ඔක්කොම වැඩ දාලා අකුණ කරන්නෙ පොළොවට තියෙන ළඟම පාර හොයාගන්න එකයි. කොහොමහරි කරල පාර හොයාගෙන ගමනාන්තයට ආවම පොළොවත් වළාකුලත් අතර සෘජු සම්බන්ධයක් හැදෙනවා. දැන් ඉතාම දීප්තිමත් අති ප්‍රභල විදුලි ධාරාවක් (ඇම්පියර් 30000 පමණ) පොළොවේ අකුණ වැදුණු තැන සිට වළාකුලට ඉතාම කෙටි කාලයක් තුල අතු නොබෙදී ගමන් කරනවා. ඉතින් ගෙවල් දොරවල් අළු නොවී තියෙයිද? ඒක වෙන හැටි සහ downstream එකෙයි upstream එකෙයි ප්‍රභලතා අතර වෙනස බලාගන්න පුළුවන් video කෑල්ලක් පහළින් ඇති.
    *--Trip Switch--*
    "අපේ ගෙදර trip switch එක නියමෙට වැඩ. පොඩි අකුණක් ගැහුවත් ඕෆ් වෙනවා" ඕක ඕන තරම් අය කියනවනෙ. කියන්න කණගාටුයි මිත්‍රවරුනි ට්‍රිප් ස්විච් එකේ රස්සාව කිසිසේත්ම අකුණු වලින් පරිපථ බේරාගැනීම කියන දේ නම් නෙමෙයි.
    එයා කරන්නෙ මෙහෙම වැඩක්. හිතන්න ඔයාගෙ ගෙදර toilet එකක් නෑ 😂. දැන් ඔයාගෙ ගෙදරට ටැප් ලයින් එකෙන් "එන වතුර ලීටර් ගානයි" නාලා රෙදි හෝදල කානුවෙන් "යන වතුර ලීටර් ගානයි" අතර වෙනස බැලුවොත් ඒ වෙනසින් එන්නෙ ඔයා බීපු වතුර ලීටර් ගාන නේද? ඔයා අධිකව වතුර බිව්වොත් ඔයාට මොකක්හරි ලෙඩක් හැදෙයි කියල බයට water board එකෙන් ඔයාගෙ ගෙදරට එන water supply එක කපනවා.
    ඕකම තමයි ට්‍රිප් ස්විච් එකෙන් වෙන්නෙත්. ගෙදර ඇතුලට Live එකෙන් යම්කිසි ඇම්පියර් ගානක විදුලියක් ගිහින් ගෙදරින් එළියට Neutral එක දිගේ එන්නෙ ඊට අඩු ගානක් නම් ඒ කියන්නෙ කාගෙහරි ඇඟ හරහා විදුලිය භූගත වෙලා (කාටහරි කරන්ට් එක වැදිලා).
    ඉතින් Live එකයි Neutral එකයි අතර වෙනස (කරන්ට් එක වැදුනු කෙනා හරහා යන ධාරාව) මිලිඇම්පියර් 30ක් වෙච්ච ගමන් මුළු ගෙදරටම දෙන විද්‍යුත් සැපයුම ක්ෂණිකව විසන්ධි කරනවා. ට්‍රිප් ස්විච් එකේ රස්සාව ඔය ගණන් හැදිල්ල කරල අනතුරකදි ඕෆ් වෙන එක මිසක් අකුණු වලින් බේරන එක නම් නෙමෙයි පුතී.
    හත්ඉලව්වේ ඒ වුනාට අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවනෙ. ඔව් ඉතින් අකුණු ගහද්දි ලොකු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් අවට පරිසරයේ පැතිරෙනවනෙ. ඒ ක්ෂේත්‍රය නිසා අපේ ගෘහස්ථ විදුලි පරිපථයෙ එක එක තැන් වල ධාරාවන් ප්‍රේරණය වෙන්න ගන්නවා. මේ ට්‍රිප් ස්විච් එක හරහා ගේ ඇතුලට ආපු CEB එකෙන් දීපු ධාරාවක් නෙමෙයිනෙ. දැන් ඉතින් කොහොමත් ගෙදරට ආපු ප්‍රමාණයයි පිටවෙන ප්‍රමාණයයි වෙනස් වෙනවනෙ. ඉතින් ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා.
    ඉතින් ට්‍රිප් ස්විච් එකට අදාල නැති රාජකාරියක් බාරදීලා අකුණු ගහන වෙලාවට TV, Computer දාගෙන ඉන්න අය දැන් වත් පරිස්සම් වුණොත් හොඳයි. CEB line එක දිගේ එන අකුණකින් බේරෙන්න ඕන නම් එක්කො අකුණු ගහද්දි ප්ලග් ටික ගලවල main switch එක/ circuit breakers off කරන්න. නැත්තං SPD (Surge Protection Device) එකක් ස්ථාපනය කරගන්න.
    *--Phone එකටත් අකුණු වදිනවද?--*
    වයර් එකකින් connect වුණු ඒ කියන්නෙ Land phones වලට අකුණු වදිනවා. මොකද පාරෙ තියෙන telephone line එකට අකුණක් වැදුනොත් ඒක ශෝක් එකට වයර් දිගේ අපේ ගෙදර ෆෝන් එකටත් එනවනෙ. ඒ නිසා අකුණු ගහද්දි ඒව විසන්ධි කරන්න.
    Mobile phone වලට අකුණු වදින්නෙ charger එකට ගහල තියෙන වෙලාවට ගෙදරට හෝ පාරෙ power line එකකට අකුණක් වැදුනොත් විතරයි. Charger එකෙන් ගලවගෙන හිටියට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද රේඩියෝ තරංග හරහා අකුණු එන්නෙ නෑ. එහෙම එන්න පුළුවන් නම් ගෙදරට current එක දෙන්න වයර් මොකටද? රේඩියෝ තරංග වලින්ම කරන්ට් එකත් දෙනවනෙ.
    "ඔහොම කිව්වට අකුණු ගහද්දි අපේ නයි චතුර මස්සිනාගෙ පෝං එක ඩෝං ගාල පුපුරල ගියානෙ"
    අකුණු ගහද්දි ඒ සංඛ්‍යාත වලට අනුනාද වෙලා ගෙදර ජනේල් එහෙම දෙදරන හැටි දැකල තියෙනව නේද? වායුගෝලයේ විද්‍යුත් චුම්භක අනුනාද සංඛ්‍යාතය 7.83 Hzක් වගේ. ඒකට 1.43Hz, 20.8Hz, 27.3Hz හා 33.8Hz වගේ harmonics තියෙනවා.
    ඉතින් ෆෝන් එකත් බැරිවෙලාවත් ඔය සංඛ්‍යාත වලට දරුණු ලෙස අනුනාද වුනොත් විනාශ වෙන්න පුළුවන්. ඒකට ඉතින් බාල ෆෝන් නොගෙන TRC approval තියෙන සෞඛ්‍යාරක්ෂිත ෆෝන් එකක් ගන්න.
    *--හරකුන්ට වැඩිපුර අකුණු වදින්නෙ ඇයි?--*
    කොහෙහරි තැනකට අකුණක් වැදුනම එහි ප්‍රභලතාවය අඩුවෙමින් අවට භූමිය පුරාම වලල්ලක් වගේ පැතිරෙනවා pulse එකක් ලෙසට. හරියට භූමි කම්පාවක් වගේ. භූමි කම්පාවෙ කේන්ද්‍රයට තමයි වැඩිම බලපෑම (අකුණ වැදුන තැන වගේ. අපි හිතමු එතන වෝල්ට් 100000 කියල).
    කේන්ද්‍රයේ ඉඳල ටිකක් දුරින් පිහිටි ලක්ෂ්‍යයකට භූමිකම්පාව දැනෙන්නෙ කේන්ද්‍රයට වඩා ටිකක් අඩු ප්‍රභලතාවයකින් (අකුණත් එහෙමයි. වැදුණු තැන ඉඳල මීටර් 10ක් දුරින් ලක්ෂ්‍යයක වෝල්ටීයතාවට වෝල්ට් 50000 වෙන්න පුළුවන්.
    අකුණ වැදුන තැනින් තවත් ටිකක් දුරට ගියොත් වෝල්ටීයතාවය තවත් අඩුයි. හරක් වගේ සත්තුන්ගෙ ඉස්සරහ කකුල් 2යි පිටිපස්සෙ කකුල් 2යි අතර සැලකිය යුතු දුරක් තියෙනවනෙ. ඉතින් ඉස්සරහ කකුල් 2 තියෙන්නෙ එක වෝල්ටීයතා කලාපයක, පිටිපස්සෙ කකුල් 2 තියෙන්නෙ තවත් වෝල්ටීයතා කලාපයක.
    සරලවම කිව්වොත් හරකගෙ කකුල් අතරෙ විභව අන්තරයක් (Voltage Difference) ඇතිවෙලා. සන්නායකයක් හරහා විභව අන්තරයක් ඇතිවුණාම ඒ හරහා ධාරාවක් ගමන් කරනවනෙ. ඉතින් හරකගෙ ඇඟ හරහා කරන්ට් එකක් ගමන් කරලා ඌව පිළිස්සිලා මැරෙනවා.
    කකුල් ලං කරගෙන තියාගන්න පුළුවන් සතෙක්ට මේ ප්‍රශ්නෙ නෑ.
    *--සංවෘත වාහනයක හිටියොත්--*
    වාහනයක් කියන්නෙ Faraday Cage එකක්. ඒ කියන්නෙ සන්නායකයකින් සංවෘත වූ ප්‍රදේශයක්. ෆැරඩේ කුටීරයක ඇතුලෙ තියෙන ආරෝපණ ඔක්කොම මතුපිට පෘෂ්ඨයට යනවා. ඒ නිසා ඇතුලෙ ඉන්න අයට කිසිම බලපෑමක් නෑ.
    ඒ නිසා අකුණු ගහද්දි පුළුවන් නම් ගෙදර විදුලි /දුරකථන සැපයුම් ඔක්කොම විසන්ධි කරල සංවෘත වාහනේකට වෙලා හිටියත් කමක් නෑ (බයික් එකේ නෙමෙයි 😂🔫)
    -Rehan Mendis
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Great Thread මචන්...

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා..දන්නා කෙනෙක් answer එකක් දෙන්න..

    අකුණු කොච්චර ගැහුවත්...bank - office වල computer වැඩ කරනවනේ....

    ඒවායේ machine ආරක්ෂා කරන්න මොකක් හරි method එකක් තියෙනවද?....

    අනිත් එක අකුණක් වැදුනම com එකක් වැඩ කරන කෙනෙක් නම් එයටත් අකුණු වදින්න පුළුවන් නිසා ....හෙන danger නේද?...

     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    otzln88i5uxb3py7yykf.gif



    For the first time ever, scientists have captured high-speed footage of lightning striking a building. It’s dramatic as hell, but the video could also change the way lightning rods are used to protect buildings.

    The unprecedented video—captured by physicist Marcelo Saba and his team from Brazil’s National Institute for Space Research—shows branches of lightning hurtling down from the sky. But just milliseconds before the leading streamers strike a pair of buildings, lightning rods expel their own upward-moving streamers to complete the connection. The result is a fantastic blast of light, and no harm done to the buildings.




    Researchers have captured lightning strikes in super slow motion before, but this marks the first time scientists have captured high-speed footage of lightning as it interacts with lightning rods. As the authors note in their new study, now in Geophysical Research Letters, the observations could advance our understanding of how lightning rods work to protect structures, and how engineers might be able to improve lightning protection standards.
    When deciding where to place a lightning rod atop a building, engineers typically use models and theories based on lab observations of long electrical discharges, or from observations of lightning rods on top of very tall structures. Still, scientists aren’t entirely sure how rods work to protect buildings, particularly small to medium sized ones, owing in part to a lack of observational evidence.
    Needless to say, it’s exceptionally difficult to capture the precise moment when lightning strikes a lightning rod. Cameras have to be very close to the observed structure, and long observation times are required to catch these fleeting moments in time.
    In the new video, the downward branch of lightning can be seen connecting to the upward leader initiated from the tip of the lightning rods on twin buildings located in São Paulo City, Brazil. These structures are under 200 feet (60 meters) in height, offering good examples of what happens to similar buildings around the world.
    With the high frame rate—recorded at 7,000 frames per second (fps)— the researchers were able to see details that would otherwise be impossible to document, including the striking distance and speed of the connecting leaders. In this case, the downward leader was moving at an astonishing 60 miles per second (100 km/s), while the discharge from the rod was moving upwards at about 0.03 miles per second (0.05 km/s).
    After watching this video, and seeing that dramatic flash, we all need to stop taking lightning rods for granted.





    [Geophysical Research Letters]
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    vlcsnap-2017-06-03-16h48m49s216.png


    vlcsnap-2017-06-03-16h49m20s648.png


    vlcsnap-2017-06-03-16h49m25s413.png


    vlcsnap-2017-06-03-16h49m49s135.png


    vlcsnap-2017-06-03-16h49m58s547.png


    vlcsnap-2017-06-03-16h51m11s573.png



    මේ තියෙන්නේ මම video කරපු thunder strike ෂොට්ස් ටිකක්....තම එඩිට් කරලා හදන්න බැරි උනා ....video clip 9 ක් විතර තියෙනවා....​
     
    Last edited:
    • Like
    Reactions: hirashgeff