අකුසලයක් උනොත් කරන්ඩ ඕන දේවල්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    තමන් අතින් අකුසලයක් වුණොත් ඊළඟට කළ යුතු දේවල් ගැන සඳහන් දේශනාවක් ඇහුව නාඋයනේ අරියධම්ම හිමියන්ගෙ..මේ වගේ ද්වේෂ සහගත හිතකින් සතෙක්ට හින්සාවක්, ප්‍රාණඝාතයක් වගේ කරොත් පස්සෙ ඒ ගැන නොහිතා ඒ සතාට/ඒ සතාගෙ වර්තමාන ආත්මයට මෛත්‍රී කරන්ඩ කියල..
    තව ඒ කරපු කර්මය ත්‍රිලක්ෂණය අනුව මෙනෙහි කරන්ඩ කියල, තව ඒ කර්මෙ විපාකත් ත්‍රිලක්ෂණයට අනුව මෙනෙහි කරන්ඩ, එතකොට වෙච්ච අකුසලයට වඩා බොහොම බලවත් කුසලයක් වෙනව කියල... මේ දේවල් සඳහන් සූත්‍ර/ අටුවා/ මූලාශ්‍ර මොනවද..
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔයා කියන කරුණම නොවුණත්, ඊට යම් අදාළත්වයක් තියෙන කරුණු තියෙනවා සංඛධම සූත්‍රයේ.

    https://tripitaka.online/sutta/5556
    "මා විසිනුත් සතුන් මැරීම යම්තාක් ඇත්නම් ඒතාක් කෙරිල තියෙනවා. මා විසින් යම්තාක් සතුන් මරා ඇද්ද එය යහපත් දෙයක් නොවේ. හොඳ දෙයක් නොවේ. ඉදින් මම ඒ හේතුව නිසා චිත්ත පීඩාවකින් සිටියා කියලා මා විසින් ඒ පාප කර්මය නොකළා වෙන්නේ නෑ. මේ විදිහට ඔහු නුවණින් විමසලා ඒ සතුන් මැරීම අත්හරිනවා. ඉදිරියටත් සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ප්‍රහාණය වෙලා යනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ඉක්මවා යනවා."

    තව ගොඩක් කරුණු තියෙනවා.
    මම ඔය සූත්‍රය ගැන දැනගත්තෙ මේ දේශනාව අහලා.
     
    https://onedrive.live.com/?cid=E6C8...6212!1608&parId=E6C8262E2CDF6212!1470&o=OneUp