අකුසලය කුඩා වුවත් විපාකය මහත් ය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඈත අතීතයේ මෙරට සෑගිරිය නමින් ගමක් විය. එහි බොහෝ භික්ෂූන් වහන්සේ වැඩ සිටි සේක. මෙහි කතානායක වූ එක් භික්ෂූන් වහන්සේ නමකගේ පියා දිනක් උන්වහන්සේ බැහැ දැකීමට සෑගිරියට ආවේ ය. දාන වේලාව පසු වී තිබුණ බැවින් ඒ භික්ෂුව පියාට ආහාර සැකසීම සඳහා ආහාර සපයන්නාට නො දන්වා සඟ සතු සහළින් නැළි බාගයක් ගෙන “හෙට මේ සහල් ගෙනත් තබමි” සිතා බතක් පිස පියාට දුන්නේ ය.
    නමුත් ඒ භික්ෂූන් වහන්සේ තමා ලබාගත් සඟසතු සහල් දීමට පෙර එදා රාත්‍රියේ හදිසියේ ම අපවත් වූහ. උන්වහන්සේ සඟ සතු දේ ගත් නිසාවෙන් පර්වත අතරෙහි පේ‍්‍රතයකු වී උපන්නහ .
    එක් භික්ෂූන් වහන්සේ නමක් දිවා කාලයේ පේ‍්‍රතයා සිටි මාවතේ පිඬු පිණිස වැඩිය සේක. මාවතේ දී උන්වහන්සේ පේ‍්‍රතයා දැක මෙසේ විචාළේ ය.
    “නුඹගේ සිරුර ඉතා දිග ය. දුර්ගන්ධයෙන් යුතු ය. ඇට, සම් පමණක් ඇතිව ගිනි කඳක් මෙන් දැල්වෙයි. නුඹ කවරෙක් ද?”
    “ස්වාමිනි, මම යම ලොව උපන් පේ‍්‍රතයෙක් වෙමි. පව්කම් කොට පේ‍්‍රත ලෝකයේ උපන්නෙමි”
    “නුඹ විසින් කයින්, වචනයෙන්, සිතින් කිනම් පවක් කරන ලද්දේ ද? කිනම් කර්මයක විපාකයෙන් පේ‍්‍රත ලෝකයේ ඉපදුනේ වේ ද?”
    ”ස්වාමිනි, මම පෙර ජීවිතයේ භික්ෂුවක් ව සෑගිරියේ විසූවෙමි. මාගේ පියාට ආහාර සැපයීමට සඟ සතු සහල් නැළි බාගයක් ගත්තෙමි. හෙට නැළිය පුරවා දෙමියි සිතා සිටි නමුත් ඒ රාත්‍රියේ මා කළුරිය කොට පේ‍්‍රත ලෝකයේ උපන්නෙමි.
    “නුඹ කියන ඒ භික්ෂුව මම දනිමි. උන්වහන්සේ සිල්වතෙකි. උගතෙකි. ගුණවතෙකි. මෙවැනි සිල්වතුන් දුගතියට නො යන බවයි මම අසා ඇත්තේ”
    ”සිල්වත් වුවත් අවසාන කර්මය ලෙස එය විපාක දේ. ස්වාමිනි, කුමන හෝ සඟසතු දෙයකට කුඩා යැයි සිතා අවමන් නො කළ මැනව. කුඩා වුව ද විපාක දෙන විට එය මහත් වන්නේ ය.
    ”නුඹට පේ‍්‍රත ලෝකයෙන් මිදීමට කෙතෙක් නම් කුසල් අවශ්‍ය වේ ද? මම බුද්ධ, ධම්ම, සංඝ රත්නය සඳහා පූජා පවත්වන්න ද?” තෙර නම ඇසීය.
    ”ස්වාමිනි, මේ පර්වතය පටන්ගත් තැන සිට ගම දක්වා තුන්ගව් දෙපසෙහි ම හිස්තැන් නො මැති සේ ගැල් තබා ඒවා සහලින් පුරවා සංඝයාට දන් දුන් සේක් නම් මම පේ‍්‍රත භාවයෙන් මිදෙන්නෙමි. ස්වාමිනි, ලබා ගත්තේ සහල් නැළි භාගයකි. නමුත් විපාකය කෙතරම්දැයි සිතනු මැනව.
    සංවේගයට පත් භික්ෂුව පසුදින අනුරාධපුරයට වැඩම කොට සද්ධාතිස්ස රජු බැහැ දැක පේ‍්‍රතයා පිළිබඳ සියලු පුවත් කියා දානය සඳහා සහල් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළ සේක.
    ’ස්වාමිනි සහල් කො පමණ අවශ්‍ය ද?”
    ”රජතුමනි, තුන් ගව්වක් මුළුල්ලේ ගැල් තබා සහලින් පුරවා එය සංඝයාට පිදිය යුතු වෙයි. ඉන්පසු ඒ සියලු පින් පේ‍්‍රතයාට අනුමෝදන් කළයුතු ය.”
    ”එසේය” කියා රජතුමා එ ලෙසම කළේ ය.
    පින අනුමෝදන් වූ සැනින් පේ‍්‍රතයා දිව්‍ය ආත්මයක් ලැබී ය. දිව්‍ය වස්ත්‍රවලින් සැරසුණු දෙවියා පසුදින තෙරුන් වඩින මාවතේ සිටියේ ය. තෙරුන් වහන්සේ ඔහු දැක
    ”බොහෝ වටිනා ඔටුන්නක් දරන්නා වූ, වටිනා වස්ත්‍ර ඇඳගත්, වටිනා ආභරණ වලින් සැරසුණ, ඉතා සුවඳ තවරා සිටින ඔබ දිව්‍ය රාජයෙක් දැයි විමසී ය.
    ස්වාමිනි, පෙර දින ඉතා විරූපී ශරීර ඇතිව, පිහිටක් නො මැතිව සිටි මා වෙත එළඹ ප්‍රමාණ කළ නොහැකි දුක් සයුරේ ගිලුණු මා මහත් කරුණාවෙන් ඔබ වහන්සේ ගොඩට ගත් සේක. යම් කෙනෙක් අනුන්ට යහපත කෙරෙත්නම්, ඒ පිරිස බුදුරදුන් විසින් හික්මවන ලද්දේ ය. ඔවුන් නිතර සියලු සතුන් කෙරෙහි මෙත් සිත පතුරන්නේ ය. යැයි තෙරුන් වහන්සේ ට පවසා වන්දනා කොට ඒ දේව පුත්‍රයා නො පෙනී ගියේ ය.

    (උපුටා ගැනීමකි)
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    අභිධර්මයේ එක තැනෙක මෙසේ සදහන් වෙයි.
    ප්‍රාණඝාතයක් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතුය.

    1. ප්‍රාණියෙකු වීම,
    2. ප්‍රාණියෙකු බව දැන ගැනීම,
    3. පණ නැසීමේ සිත,
    4. ඒ සඳහා යොදන උපක්‍රම, හා
    5. එයින් මරණය සිදුවීම

    අරුමය නම් මින් 2 සහ 3 චෛතසිකමය කරුණු උවත්, 1, 4 සහ 5 භෞතිකමය කරුණු වීමයි.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    දැන් ඔය පින්,පව් කියන දෙය වැඩ කරන්නේ මොන විදිහටද? පින් සහ පවු වෙනම filter කරන්න මොනවා හරි mechanism එකක් තියද?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අභිධර්මයේ එක තැනෙක මෙසේ සදහන් වෙයි.
    ප්‍රාණඝාතයක් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතුය.

    1. ප්‍රාණියෙකු වීම,
    2. ප්‍රාණියෙකු බව දැන ගැනීම,
    3. පණ නැසීමේ සිත,
    4. ඒ සඳහා යොදන උපක්‍රම, හා
    5. එයින් මරණය සිදුවීම

    අරුමය නම් මින් 2 සහ 3 චෛතසිකමය කරුණු උවත්, 1, 4 සහ 5 භෞතිකමය කරුණු වීමයි.
    2, 3 සිත් සමග ඇති වෙන චෛතසික ටික තමයි හැබැයි
    1 මේක නැතුව අකුසලයක් සිද්ද වෙන්න හේතු හැදෙන්නේ නැනේ.
    4 සිත් වලට අදාල වෙනවා, නිකන් උපක්‍රම හැදෙන්නේ නැනේ.
    5 මේක නැතුව අකුසලය සම්පුර්ණ වෙන්නේ නැ.
    අපි කරගන්න මෝඩකමක් තමයි අභිධර්මය කියෙව්වා පලියට දැනගත්ත කියල හිතන එක. එහෙම වෙන්නේ නැ, වචන අර්ථ අවබෝධයක් විතරයි එන්නේ යථා අවබෝධය නෙවේ ඕක. මුලික අඩිතාලමක් විතරයි. එක තේරුම් ගන්න. අර්ථ අවබෝධයේත් මට්ටම් තියනව එක තව තවත් පරික්ෂා කරල බලද්දී තෙරුයි. මාත් තාම ඉන්නේ අර්ථ අවබෝධය තියන මට්ටමේ පහලම අඩියක, හොද වෙලාවට මට තේරුමක් තිබ්බ මන් ඉන්න මට්ටම ගැන.
    හිතන්න එපා තමන් ඔක්කොම දැනගත්ත කියල මොනම වෙලාවකවත්.
     
    • Like
    Reactions: castellain

    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    2, 3 සිත් සමග ඇති වෙන චෛතසික ටික තමයි හැබැයි
    1 මේක නැතුව අකුසලයක් සිද්ද වෙන්න හේතු හැදෙන්නේ නැනේ.
    4 සිත් වලට අදාල වෙනවා, නිකන් උපක්‍රම හැදෙන්නේ නැනේ.
    5 මේක නැතුව අකුසලය සම්පුර්ණ වෙන්නේ නැ.
    අපි කරගන්න මෝඩකමක් තමයි අභිධර්මය කියෙව්වා පලියට දැනගත්ත කියල හිතන එක. එහෙම වෙන්නේ නැ, වචන අර්ථ අවබෝධයක් විතරයි එන්නේ යථා අවබෝධය නෙවේ ඕක. මුලික අඩිතාලමක් විතරයි. එක තේරුම් ගන්න. අර්ථ අවබෝධයේත් මට්ටම් තියනව එක තව තවත් පරික්ෂා කරල බලද්දී තෙරුයි. මාත් තාම ඉන්නේ අර්ථ අවබෝධය තියන මට්ටමේ පහලම අඩියක, හොද වෙලාවට මට තේරුමක් තිබ්බ මන් ඉන්න මට්ටම ගැන.
    හිතන්න එපා තමන් ඔක්කොම දැනගත්ත කියල මොනම වෙලාවකවත්.
    1.මේක නැතුව අකුසලයක් සිද්ද වෙන්න හේතු හැදෙන්නේ නැනේ.

    හිතන්න. ත්‍රස්තවාදී න් ගමකට පැනලා මිනිස්සු මරනවා .එහිදී ත්‍රස්තවාදියෙක් ළමයෙකුට වෙඩි තියෙනවා. නමුත් ත්‍රස්තවාදියා දන්නෑ ඒ ළමයාට උගේ සගයෙක් වෙඩි තියලා මැරිල ඉන්නේ කියලා . දැන් ඔබ කියන්නේ ඔහු ප්‍රාණඝාත අකුසලයක් කරලා නැහැ කියලනෙ. ඔබ එහෙම කියන්නේ ඔබ දන්න නිසා . ඔබ නොදන්නවනම් ඔබත් කියයි එක ප්‍රාණඝාතයක් කියලා . එතකොට කවුද මේ අකුසල සම්පූර්ණ කරන තීරක විදියට කටයුතු කරන කෙනා ?

    5. හිතන්න . ඔබ මුවෙකු ට වෙඩි තබනවා . මුවා වෙඩි කාගෙන පලා යනවා . ඔබ දන්නෑ මුවා මිය ගියාද ජීවත් වුනාද කියලා.දැන් කවුද ඔබේ අකුසලය තීරණය කරන තෙවන පාර්ශවය ?