අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Sherlock Holmes & Wimal Weerawansa Sinhala Joke Story

    සෑම වසරක දෙසැම්බර් මාසය යනු ලන්ඩනය බොහෝ දුරට අක්රිය වන මාසයයි. මා මිත්ර ෂර්ලොක් හෝම්ස්ට අනුව නම් මේ අපරාධකරුවන් පවා කම්මැලියන් වන සීතල මාසයයි.

    මෙය බොහෝ දුරට සත්යයක් බව අපගේ පැරණි අපරාධ පරීක්ෂණ වාර්තා පිරික්සීමෙන් පෙනී යයි. මෙවැනි කාල සමයන්හි මගේ මිත්රයා කාලය ගෙවන්නේ එතරම් සතුටකින් නොවේ.

    පුටුවකට බර දී දුම් පයිප්පය උරමින් සිටීමට ඔහු කැමති වන්නේ මොලය වෙහෙසීමට ගැටලුවක් ඇත්නම් පමණි. අපරාධ නැති තැනක ෂර්ලොක් හෝම්ස් කෙනෙකුගෙන් පලක් නැති බව ඔහු නිතරම පවසන වැකියකි.

    මේ සීතලේ වුවද හෝම්ස් බැලීමට යාමට මට සිතුනේ පසුගියවර ශ්රී ලංකාවට ගොස් පැමිණි පසු ඔහු දැඩි කනස්සල්ලෙන් සේම යම් සසල වීමකින් සිටි බව සිහි වීමෙනි.

    බේකර් වීදියේ සුපුරුදු නවාතැනට පැමිණි මා දුටුවේ දුම් පයිප්පය, දුම සහ පුටුවක බර දී උදාසීනව සිටින මගේ මිත්රයාය. ඔහු වටා වූයේ දිනමිණ පුවත්පත් කීපයකි.

    "හෝම්ස්, දැන් ඔබ උපන් රටටත් වඩා ලංකාවට ලං වෙලා වගේ" මා පැවසූයේ පුවත්පත දෙසට ඉඟි කරමිනි.

    "ලංකාව කොහොම නම් අමතක කරන්නද වොට්සන්,තණමල්විල පුෂ්පේ මුදලාලිගේ බඩු වලින්නෙ මේ කම්මැලි දවස් ටික ඇදගන්නේ. ඒක නෙමෙයි වොට්සන්, බලන්න මේකෙ හෙඩ්ලයින් එක මොන තරම් නිර්මාණාත්මකද, කලාත්මකද .'සිරිසේනගේ දත් කහ පාටයි - විශේෂඥ දන්ත වෛද්යවරු එක හඬින් කියති ' "

    මා පුවත්පත උඩින් පල්ලෙන් පෙරලා බැලීමි.මාගේ නිරීක්ෂණ හැකියාවද හෝම්ස්ට පෙන්විය යුතුය.

    "ඒ විතරක්ද හෝම්ස් බලන්න. එයාලා රාජ්ය ලාංඡනේ හැම පිටුවකම දාලා"හෝම්ස් මා වෙත තියුණු බැල්මක් හෙලීය.

    "රාජ්ය ලාංඡනේ ??? කෝ බලන්න"

    "ඇයි හෝම්ස් මේ තියෙන්නේ උඩු රැවුල වවපු හාදයෙක් අත් දෙක උස්සන් ඉන්න ලාංඡනේ"
    හෝම්ස් අතිශය කින්ඩි බැල්මක් මා වෙත හෙලීය."අනේ අනේ වොට්සන් තමුසෙගෙ සාමාන්ය දැනීම නම් බින්දුවයි.මේ එහේ ජනාධිපතිතුමාගේ රූපේ "

    ලැජ්ජාව මදක් අඩු වන තුරු වැඩිය කතා නොකර සිටීමට මම තීරණය කළෙමි. විනාඩි දෙකක් ගත වන්නට ඇත. කවුරුන් හෝ හඩ්සන් මහත්මිය හා කථා කරන හඬ ඇසුණි. හෝම්ස්ගේ ඇස් දීප්තිමත් වනු මම දුටුවෙමි.

    කිසිවෙකු තරප්පු පෙල නගින හඬ පැහැදිලිව ඇසෙන්නට විය.

    "වැඩේ හරි වොට්සන්. කාට හරි අපිව ඕනි වෙලා වගේ"

    කිසිදු දැනුම් දීමකින් තොරවම අමුත්තෙකු කාමරයට ඇතුල් විය. ඔහු අප දෙදෙනා දෙස බැලුවේ තරමක් කපටි සහගත බැල්මකි. මුහුන පුරා වැවූ රැවුල සේම පිටුපසට පීරූ කොන්ඩය මට චේගුවේරා සිහිකලද ක්රමයෙන් ඉදිරියට එන උදරය දුටු විට ඒ අදහස මසිතින් මැකී ගියේය.

    "ඔබ දෙදෙනාගෙන් කවුද ෂර්ලොක් හෝම්ස්? මම ශ්රී ලංකාවෙන්."මගේ මිත්රයා මදක් පුටුවෙන් නැගිට්ටවෙන අයුරු මම පැහැදිලිව දුටුවෙමි.

    "ෂර්ලොක් හෝම්ස් කියන්නේ මටයි මිත්රයා. ඔබ ආ කාරණය කියන්න කලින් ඔබ ගැන පුංචි අනාවැකියක් කියන්න මට ඉඩ දෙන්න.

    ඔබ පොඩි කාලේ ඉඳන් තරුණ වියේ යම් කාලයක් ගතවෙන තුරු අතිශය දුෂ්කර
    ජීවිතයක් ගෙවලා තියෙනවා. නමුත් වාසනාවකට ඔබට මෑත කාලයේ දී පොහොසත් කාන්තාවකගේ ස්වාමියා වීමේ භාග්යය උදා වෙලා.

    ඔබ තවමත් ‍යැපෙන්නේ ඔබේ බිරිඳගේ වත්කම් වලින්.අවාසනාවකට වගේ ගෙදර බොහෝ වැඩ කරන්න
    වෙලා තියෙන්නේ ඔබටයි මිත්රයා. "

    අමුත්තා විමතියෙන් ඇස් අයා හෝම්ස් දෙස බලා සිටී."ගෙදර රෙදි අපුල්ලන්නේ ඔබ, දර පලන්නේ ඔබ, පිරිසිදු කරන්නෙ ඔබ. ඒ විතරක්ද නෝනගේ බල්ලා නාවන්න වෙලා තියෙන්නෙත් ඔබටයි. මට පේනවා ඔබේ මුහුණේ විමතිය.

    කලබල වෙන්න දෙයක් නෑ. මේ ඔක්කොම මම කිව්වේ මා විසින් ප්රගුණ කල නිරීක්ශණ ශක්තියෙන්.

    බලන්න වොට්සන්, අපි ඉදිරියට එනවා මහත්තයෙක්.එයාගේ මුහුණේ රැවුලට යටින් තාමත් තියෙනවා අතීතයේ දුෂ්කර සලකුනු.

    හැබැයි ටිකෙන් ටික මූන තෙල් පාට වෙලා. උදරය නෙරාගෙන එනවා. මම හිතන විදිහට මේක ටිකක් මිල අධික වර්ගයේ ෂර්ට් එකක්. බලන්න මේ අත් දිහා, රෙදි සෝදන, දර පලන සලකුණු.

    නියපොතු ඇතුලේ බලු මවිල් ඉතිරි වෙලා. රෙදිසෝදන කෙනෙකුට මේ තරම් වටින ෂර්ට් අඳින්න අමාරුයි මගේ මිත්රයා.නිසැකවම ඔහු බැඳලා තියෙන්නේ ධනවත්කාන්තාවක්.

    මොකද කියන්නේ මිත්රයා? මම හරි නේද? " හෝම්ස් එක හුස්මට කියාගෙන ගියේය.

    අමුත්තා දිග සුසුමක් පිට කරන හඬ ඇසුණි."දෙයියෝ සාක්කි හෝම්ස් මහත්තයා.

    මේ වතාවෙනම් ඔබට වැරදුනා. මම ලංකාවේ ඇමති කෙනෙක්. නම වීරවංශ. තණමල්විල පුෂ්පේ අයියා තමයි පොට් එක ගැන කිව්වේ "හෝම්ස්ට කෙඳිරි ගෑවෙනු මට ඇසුණි.මා ඉදිරියේ දැඩි අපහසුතාවයකට ලක් වූ ලකුණු ඔහුගේ මුහුනේ විය.

    "හොඳයි මහත්මයා. අපෙන් මොනවද කෙරෙන්න ඕනි" යටපත් කරගත් ලැජ්ජාවෙන් යුතුව හෝම්ස් විමසීය.

    "හෝම්ස් මහත්තයා, මට ලැබිලා තියෙනවා ලියමනක්. මේක එවලා තියෙන්නේ බටහිර රටක සිට බව අපි හොයාගෙන තියෙනවා. නමුත් ප්රශ්ණේ කියන්නේ මේකේ තියෙන්නේ රහස් පණිවිඩයක්.

    මොකක් නමුත් භයානක අනතුරු ඇඟවීමක් බවයි මගේනම් අදහස."හෝම්ස් මදක් කල්පනා කලේය.

    "ඔබතුමා එක්ක බටහිර රටවල් තරහද? ".
    වීරවංශ මහතාගේ මුවට සියුම් සිනහවක් නැගී එක සැනින් නැති වී යන අයුරු ඔහු දෙස ඇසිපිය නොහෙලා බලා සිටි මට කදිමට දර්ශනය විය

    "ඒ වතාවෙනම් ඔබතුමා හරි. මම තමයි රටට එරෙහි බටහිර බලවේග... එන්ජීඕ ක්රමන්ත්රණ.....අධිරාජ්යවාදී පිල්ලු.... ආර්ථික ඝාතකයෝ...කැප්පෙටිපොල...ඇහැලේපොල... පිලිමතලව්වේ " ඔහු කට පාඩම් කරගෙන සිටියාක් මෙන් අපිට නොතේරෙන අමුතුම භාෂාවකින් මොනවාදෝ කියවන්නට විය.
    මදකින් ඔහු නිහඬ වී ලැජ්ජාවෙන් අප දෙස බැලීය.

    "සමාවෙන්න හෝම්ස් මහත්තයා. මට එක පාරටම හිතුනේ ස්ටේජ් එකක් උඩ ඉන්නවා කියලා.ඔබතුමා මොකක්ද මගෙන් ඇහුවේ? ආ... තරහයිදත් අහනවා. මම තමයි උන්දැලට ඉන්න ලොකුම අභියෝගේ.

    මම උන්ට පාඩමක් උගන්නලා මැරෙන්නම බලාගෙන උපවාසෙකුත් කලා. කොහෙද ලොක්කා ඇවිත් බලෙන් තැඹිලි පෙව්වනේ. කියන ගානක් ගෙවන්නම් හෝම්ස් මහත්තයා."

    වීරවංශ මහතා වටපිට බලා හඬ අඩු කලේය.

    "ඕනිනම් අලුතෙන් ෆ්ලැට් එකක් ගහන්න කොන්ත්රාත් එකකුත් අරන් දෙන්නම්. මට මේකෙ තේරුම හොයලා එවන්න "එවර හෝම්ස් තම හඬ අවදි කලේය.

    "ගෙවීම් ගැන පසුව බලමු මහත්මයා. කෝ ගමු බලන්න ඔය ලියමන" ඝන මුද්රිත කඩදාසියක් වීරවංශ මහතා හෝම්ස් අත තැබීය.
    සාමාන්යයෙන් කරන පරිදිම හෝම්ස් සිය අත් කාචයෙන් පරීක්ෂණය ඇරඹීය.

    "හෝම්ස් මහත්තයා. මම එහෙනම් ගිහින් එන්නම්.පුලුවන් තරම් ඉක්මනට මට ඔය වැඩේ කරලා දුන්නොත් ලොකු උදව්වක්. හමුවීම සතුටක්." මා දෙසද සැකයෙන් මෙන් බලමින් අමුත්තා නික්ම ගියේය.

    "මේ ලියුම් කවර මුද්රිත කඩදාසි මම හොඳට අඳුරනවා වොට්සන්. මේවා පාවිච්චි වෙන්නේ ධවල මන්දිරේ විතරයි"

    "දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ හෝම්ස්, එතකොට මේ හාදයා කිව්වේ ඇත්තක්ද? ඔහුගේ ජීවිතයට
    තර්ජනයක්වත්ද?"

    "ඒ ටික හොයාගන්න තමයි වොට්සන් අපි මේ රහස් කේතය විශ්ලේෂණය කල යුත්තේ. කෝ බලමු."

    කහ පැහැති හිස් කඩදාසියක හරි මැදට වන්නට පහත සඳහන් පරිදි මුද්රණය කර තිබුනි. 370HSSV-0773H
    හෝම්ස්ගේ මුහුණේ ඇඳී ගියේ සිනහවක සේයාවකි.

    රහස් භාෂා සිය ගණනක් පිලිබඳ සිය දැනුමෙන් හෝම්ස් දුටුවනම රහස් කේතය හඳුනාගත්තා විය යුතුය. නමුත් ඔහු ඒ බැව් මගෙන් සැඟවීමට උත්සාහයක් දරණ බවද මට දැනුණි. හෝම්ස් නිකරුණේ මෙසේ හැසිරෙන්නෙකු නොවේ.

    වෙනත් පරීක්ෂණවලදී මෙන් නොව, මේ අවස්ථාවේදී හෝම්ස් මාගේ පිටවීම බලාපොරොත්තු වන බව මට
    ඉවෙන් මෙන් වැටහුනි.

    මම හෝම්ස් ඇමතුවෙමි.
    "මම හරියටම හවස 6.00 ට මාගේ රෝගියෙක් මුනගැසීමට නියමිතයි හෝම්ස්. පරීක්ෂනයේ ප්රගතිය මටත් දන්වන්න."

    "හොඳයි වොට්සන්. මතක ඇතුව ඔබේ කබාය රැගෙන යන්න. එලියෙ හරිම සීතලයි. සුබ රාත්රියක් වොට්සන් "
    *******************************************************************************

    දින තුනකට පමන පසු මට හෝම්ස්ගෙන් බේකර් වීදියට පැමිණෙන ලෙස පණිවිඩයක් ලැබුණි. රහස් කේතය පිලිබඳ ගැටලුව නැවත මතකයට පැමිණි බැවින් මම හැකි ඉක්මනින් බේකර් වීදියේ අංක 221 බී නවාතැන වත පැමිණීමි.

    මගේ මිත්රයා සිටියේ ශ්රී ලංකාවේ ටෙලිවිශන් නාලිකාවක් නරඹමිනි.

    "ආ වොට්සන්. බලන්නකෝ මේ හාදයාගේ කතාව. අහන් ඉන්න ආස හිතෙනවා"

    ස්වාධීන රූපවාහිනිය නම් වූ නාලිකාවේ කතා කරමින් සිටියේ දින තුනකට පෙර සජීවීව දුටු අමුත්තාය.

    "බලන්න මිත්රවරුනි, අපි ඇමෙරිකාවට ගහනකොට, අපි බටහිරට ගහනකොට සමහරුන්ට රිදෙනවා. ඔව්ව්...

    රිදෙන්න තමයි අපි ගහන්නේ. ඔබාමට කොච්චර රිදිලද කියනවනම් මාව සල්ලි වලට ගන්න හැදුවා. දැන් ඔය ඩොලර් කාක්කෝ කියයි මේක බොරුවක් කියලා.

    මෙන්න සාක්ෂි.... "ඔහු අර රහස් පණිවිඩය ඔසවා යටිගිරියෙන් කෑ ගසයි.

    මම හෝම්ස් දෙස බැලුවෙමි. ඔහුගේ මුහුණේ වූයේ මඳ සිනහවකි.නාලිකාවේ කැමරාකරුවෝ රහස් කේතය විශාලකර පෙන්වති.

    370HSSV-0773H "මේක මට එව්වේ හොර රහසේ. අපරාදේ කියන්න බෑ මේක විසඳලා දුන්නේ සුප්රකට රහස් පරීක්ෂකයෙක් වෙන ෂර්ලොක් හෝම්ස් මහත්තයා.

    තවත් සැක සංකා තියෙනවද? මේකෙන් කියන්නේ මොකක්ද මිත්රවරුනි... මම කට වහනවානම්, ඇමෙරිකාවට නොබැන ඉන්නවානම් හත් වෙනි මාසේ හත් වනිදා තුනේ පැය වෙද්දි ස්විස් බැංකු ගිණුමකට ඩොලර් මිලියන 370ක්... ඔව් 370ක් දාලා දෙන්නම්ලු.

    මගේ මවු බිම ඩොලර් වලට පාවල දෙයි කියලා හිතනවානම් ඔබාමට වැරදිලා මිත්රවරුනි.... "

    හෝම්ස් රූපවාහිනිය ක්රියා විරහිත කර මලක් ඔතන්නට පටන් ගත්තේය. මම හොරැහින් බලනු දුටු හෝම්ස්
    පිලිතුරු දුන්නේය.

    "පුෂ්පේ මුදලාලි දුන්න බඩු ටිකේ අන්තිම ෂොට් එක ඕං. ලංකාවේ මිනිස්සු ගංජා පාවිචිචි කරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ දැනුයි වොට්සන්. මලක් නොගහා මේ කතා අහන් ඉන්නේ කොහොමද මනුස්සයෙක් "

    "ඇයි හෝම්ස් මිනිහා කියන්නේ බොරුද?"

    "නෑ වොට්සන්. මම තමයි ඔය කතාව මිනිහට කිව්වේ.

    මිනිහට ඕනි කලෙත් ඔය වගේ කතාවක් තමයි."

    "ඒ කියන්නේ රහස් කේතයේ ඇත්ත අදහස ඒක නෙවෙයිද? ඒක ආවේ ධවල මන්දිරෙන් නෙවෙයිද?"

    "මේක එවලා තියෙන්නේ ඔබාමා තමයි. හැබැයි එතන කිසිම රහස් කේතයක් නෑ"

    "එහෙනම්???"

    "හොඳට බලන්න වොට්සන්. මිනිහ මේක කියවලා තියෙන්නේ උඩ යට මාරු කරලා"
    HELLO - ASSHOLE

    "අම්මා ගහයි බැට් එකෙන් හෝම්ස්" මට සිනහා පහල විය.

    "ඒ වුනාට හෝම්ස් ඔහේ මිනිහා ගැන කියපු ඔක්කොම වැරදුනා. කොටින්ම මිනිහව අඳුනගන්න බැරි උනා. ඒක ඔහේ වගේ සුප්රකට කෙනෙක් අතින් වෙන්න බැරි අත්වැරදීමක් හෝම්ස් "

    "වොට්සන් වොට්සන්... මම බොරු කිව්වේ හිතා මතා මිනිහව රවට්ටන්න. මිනිහගේ දිව දැකලත් මිනිහව අඳුරගන්න බැරි උනානම් මම ෂර්ලොක් හෝම්ස් වෙන්නේ කොහොමද"
    හෝම්ස් ත්රෛලෝක විජයපත්ර සුව විඳින්නට පටන් ගත්තේය.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    DJU9 කියලා තියෙන විදියට පුජිත කරුනාරත්නයි,තොම්සන් වැන්දබෝනා සහ බර්ටි කොස්ත පොත් ටිකක් පරිවර්තනය කරලා තියෙනවා. බර්ටි කොස්තාගෙ පරිවර්තන නම් එච්චර සාර්තක නෑ.
    DJU9 හර්කියුල් පොයිරට් පොත්වලට අමතරව වෙනත් අගතා කිස්ට්‍රිගේ පොතුත් දාලා තියෙනවා.
    හැබැයි මචන් මේ සින්හල පොත් 500ට වැඩියි. ඒවාගෙ ඉන්ග්ලිශ් පොතුත් 500-600 ගනන්වලට තියෙනවා. ඒවාගෙ ඉන්ග්‍රිසිත් තෙරුම් ගන්න ලෙසියි.
    මෙත්න දාලා තියෙනවට අමතරව නදිතෙර කුඅමරිය කියලා සින්හලට පරිවර්තනය වුන පොතක් තියෙනවා.එකෙන් නම් pdf එකක්ඩවුන්ලෝඩ් කරනා සයිට් එකක තියෙනවා දැකලා තියෙනවා.
    මමනකැමතිම පොත් තමයි Murder on the Orient Express,The Mysterious Affair at Styles,Murder in Mesopotamia,The Murder of Roger Ackroyd .හර්කියුල් පොයිරට් නොවන පොත්වලින් towards zero,then there were none පට්ටයි.
    ෂර්ලොක් හොල්ම්ස් වඩා මේ පොත්වල විශේෂත්වය තමා මේ පොත්වල සැකකාරයෝ කව්ද කියලා අපි දන්නවා. ඒවගේම පොයිරට හම්බවෙන හැම දෙයක්ම අපිත් දන්නවා එත් අන්තිමේදී අපි නොහිතන පුද්ගලයෙක් තමයි වැරදිකාරයා වෙන්නේ

    man eka pothak kiyawanna gatta. lesi na ban amarui :shocked:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    games nam thiyenawa....

    1137752-cover___na.jpg
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    eka eka items hoyana ekane?

    onna kiwwa ithin :frown:

    naa bun, murder case eka wisadanna one.
    eka eka un ekka kathaa karanna one,
    proofs hoyanna one,
    eka eka items hoyannath one,
    samahara welaawata ewa combine karala thawa ewa hadannath weno.
    eg: orange juice + wire + thawa ewa set karagena battry ekak da koheda hadanna thibuna :sorry: mathaka naa.

    owata kiyanne 'point and click adventure games' kiyala..
    murder mystery games godak thiye...
    thamanma case ekak wisandana one..
    agatha cristine ge ewama neweyi, oita wadaa godak honda ewa thiye....
    oka echchara lassanata hadala naa anith ayage ewata saapekshawa...
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    onna kiwwa ithin :frown:

    naa bun, murder case eka wisadanna one.
    eka eka un ekka kathaa karanna one,
    proofs hoyanna one,
    eka eka dewal hoyanna one,
    samahara welaawata ewa combine karala thawa ewa hadannath weno.
    eg: orange juice + wire + thawa ewa set karagena battry ekak da koheda hadanna thibuna :sorry: mathaka naa.

    owata kiyanne 'point and click adventure games' kiyala..
    murder mystery wisadanna asanam, games ton ekak thiye...
    agatha cristine ge ewama neweyi, oita wadaa godak honda ewa thiye....
    oka echchara lassanata hadala naa anith ewata saapekshawa...

    onenam kiyapan, honda example games tikak suggest karannam...

    liyapu ekak kiyawanawa wage neweyi, film ekak widiyata balanawa wage neweyi, thamanma case ekak wisandana one..

    dennako balanna suggestion tikak ;)
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Last edited:

    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    ඒ වුනත් ෂර්ලොක් හෝම්ස් තරම් හොද සිත ඇදගන්න පෞරුෂයක් කාටවත් නෑ. මම ගොඩක් ෂර්ලොක් හෝම්ස් කථාවලට ආස හේතුවත් ඒකයි.
    Aniwa
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    huta, mata wadiya mathaka naane bun :oo:....
    godak issara ambaanak gahala thiye, but dan mathaka naa...

    example:

    The_Black_Mirror.jpg


    5.jpg



    stillife

    600full-still-life-cover.jpg


    slife2.jpg


    trailer:
    https://www.youtube.com/watch?v=2zOHN2DC6SM



    youtube eken game eka play karana video ekak aran arehen mehen ada ada tikak balahan, ethakota koi wageda play karanna thiyenne kiyala therum ganna puluwan...
    https://www.youtube.com/watch?v=vK5Xt37LZhY
    https://www.youtube.com/watch?v=4mFTl__o098

    STILL LIFE patta. oke 2 ekath awa. thawa patta ekak thamai davinci mokakda ekak tibba ekath gahapan.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වොට්සන් මට මේ පරීක්ෂණ වලින් නිගමනයන්ට එළඹීම මගින් මෙම කරුණු කරනා පැහැදිලි කරගැනීමට වැඩි අමාරුවක් උනේ නෑ.
    මේ පොත් දිහා බැලුවම මට කියන්න පුළුවන් DJU9 රහස්පරීක්ෂක කතා කියවීමට ඉතා දැඩි ආශාවක් දක්වන බව. ඒවගේම DJU9 පොත් වලට ඉතාමත් ආදරය කරන බවත් පිරිසිදුව පරිහරණය කරන බවත් හැම පොත්කටම ඉටි කවරයක් දමා ඇති එකෙන් කියන්න පුළුවන්. හැම පොතකම bookmark දමා ඇති එකෙනුත් එය තවත් මැනවින් පැහැදිලි වෙනවා. DJU9 ඉතාමත් පරාර්ථකාමී පුද්ගලයෙකු බව තකහනියක් පොත් ටික ඇද උඩ තබා චයරුඋප ගතකර මෙහි පල කිරීමෙන් මනාවට පැහැදිලි වෙනවා.
    චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කල ෂර්ලොක් හෝම්ස් නමැති පොත් මාලාවත් DJU9 ළඟ ඇති බව ඔබට උනත් අමාරුවක් නැතුවම නිගමනය කරන්න පුළුවන් වොට්සන්.:lol:

    අනේ මචෝ මේ පොත් කොඉ පොත් කඩෙන්ද ගන්න පුළුවන්?
    :confused:

    :P
    ගොඩක් පොත් සරසවි ප්‍රකශන මචන්.. පුජිත ගේ පොතුත් සරසවි එකේ තියෙනවා.. එහෙම එකම තැන හොයාගන්න නැත්තම් අනිවා යන්න මරදාන රත්න පොත්හලට.. එතනින් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම..:yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    :P
    ගොඩක් පොත් සරසවි ප්‍රකශන මචන්.. පුජිත ගේ පොතුත් සරසවි එකේ තියෙනවා.. එහෙම එකම තැන හොයාගන්න නැත්තම් අනිවා යන්න මරදාන රත්න පොත්හලට.. එතනින් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම..:yes:

    thanks macho :D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අගතා ක්‍රිස්ටි ගේ The Death On Nile හි සිංහල පරිවර්තනය “නයිල් නදියේ මනාලිය“ලෙස පරිවර්තනය කරලා තියෙනවා මහින්ද කරුණාරත්න. මේක හරිම ලස්සනට පරිවර්තනය වෙලා තියෙනවා. ප්‍රකාශනය දයාවංශ ජයකොඩි. මරදාන පැත්තේ යනවා නම් 20% වට්ටම් එක්කම දයාවංශ ඒකෙන් ගන්න පුළුවන්.

    1385389_10152054301943623_751340462_n.jpg