1952 ඉදන් 2020 වෙනකම්ම ලන්ඩනයේ එක්තරා රගහලක එකම එක නාට්‍යයක්(Play) රගදැක්වෙනවා කිව්වොත් විශ්වාස කරනවද?
ඒ විතරක් නෙවෙයි බලන්න හැමදාම රසිකයොත් පිරෙනවා...
ඒ තමයි Mouse Trap. ලිව්වේ අබිරහස් කතා කලාවේ රැජින අගතා ක්‍රිස්ටි විසින්....
අද වෙනකොට පිටපත් බිලියන දෙකකට වඩා ඇගේ පොත් ලෝකයේ අලෙවි වෙලා තියෙනවා .ජනප්‍රියතාවය සැලකුවොත්රහස් පරීක්ෂක කතාවලින් ඇය දෙවැනි වෙන්නේ කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් වලට පමණයි .
ඇගේ කතාවල ප්‍රධාන වශයෙන් හමුවන රහස් පරීක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා..
හර්කියුල් පොයිරෝ සහ මිස් මේපල්.ඊට අමතරව වීරයෙක් නොමැති අබිරහස් කතාත් ඇය රචනා කරලා තියෙනවා ...
මම කලින් පෝස්ට් එකක් දාද්දී එක්කෙනෙක් මේ ගැන ඇහුව නිසා මම ළග තියෙන අගතා ක්‍රිස්ටිගේ පොත්වල පරිවර්තන කීපයක් මම මෙතන දාන්නම්..නමුත් මම පරිවර්තනය අතින් හොද කවුද කියන එක මෙතන කියන්න යන්නේ නෑ.හේතුව කලින් පෝස්ට් එකේ අදහස් දක්වලා තියෙනවා ගොඩක් අය ඒ ගැන.....
නමුත් Original පොත් ගැන කිව්වොත් අගතාගේ පොත්වලින් හොදම පොත් විදියට සැලකෙන්නේ,
* Murder of roger ackroyd රොජර් ඇක්‍රොයිඩ් ඝාතනය
* And Then There were none සොල්දාදුවාගේ දූපත/දඩුවම ලුහුබැද
* Death on the nile නයිල් නදියේ මිනීමැරුම
* Murder on the Orient Express ඔරියන්ට් දුම්රිය තුළ මිනීමැරුම ..කියන පොත් කීපය.
අන්තිමට කියපු එකෙන් චිත්‍රපටයක් ආවා..ඒකෙම දෙවෙනි කොටස විදියට murder on the nile එකේ සිනමාපටයත් එන්න නියමිතයි..
මීට අමතරව මේ පොත් අළුතෙන්ම කියවන්න පටන්ගන්න ඉන්නවා නම් ඔය උඩ කියපු ටික හැරුණම...
* ABC මිනීමැරුම්
* බාලිකා පාසලේ අබිරහස
* මකුළු දැළ
රෙකමදාරු කරනවා ඉහළින්ම.ඒවගෙන් පටන්ගන්න..
මම මේ දාලා තියෙන පොත්වලින් බහුතරයක් හර්කියුල් පොයිරෝ කතානායකය විදියට ඉන්න ඒවා.ඒවගේ plot එකනම් ගොඩක් වෙලාවට එක වගේ.
ඒ කියන්නේ පිරිසක් එකට එකතුවෙනවා.එතනින් කෙනෙක් හදිසියේ මියයනවා.ඒ කටිටියගෙන් කෙනෙක් තමා මිනිමරුවා වෙන්නේ.පොයිරොට් අපරාධය විශ්ලේෂණය කරමින් අවසානයේ මිනීමරුවා සොයාගන්නවා.කතාවේ අන්තිමට තමයි මිනීමරුවා හොයාගත්තු හැටි එළිවෙන්නේ.මේ කතාවලත් වොට්සන් වගේ කෙනෙක් ඉන්නවා ඒ තමයි හේස්ටිංස්.
මෙතනින්,
* බෑග්ඩෑඩ් පෙට්ටගමේ අබිරහස
* කෝන්වෝල් අබිරහස
* හර්කියුලිස්ගේ රහස් පරීක්ෂණ
පොත් තුනම පොයිරොට් ඉන්න කෙටිකතා පොත්.ඒ අතුරිනුත් අන්තිමට කිව්ව පොත සුවිශේෂි වෙන්නේ හර්කියුලිස්ගේ වැඩ 12 ට ගැළපෙන්න කතා 12 ක් ලියපු යම් තරමකට පර්‍යේෂණාත්මක කෘතියක් නිසා.
* දඩුවම ලුහුබැද
* නිම්නැති රැය
වීරයෙක් නොමැති කතා දෙකක්....
මේවා ගැන මම මීට පෙර ලියපු ලිපිවල ලින්ක් පහතින් දාන්නම්...
* මේ කතාවලින් නිපදවූ චිත්‍රපට
https://www.facebook.com/groups/540377603319142/permalink/593532408003661/?app=fbl
https://www.facebook.com/groups/540377603319142/permalink/561910894499146/?app=fbl
https://www.facebook.com/groups/540377603319142/permalink/552603105429925/?app=fbl
* පරිවර්තන ගැන සදහන් පෝස්ට් එක
https://www.facebook.com/groups/540377603319142/permalink/622719275084974/?app=fbl
* And Then There were none ගැන...
https://www.facebook.com/groups/540377603319142/permalink/586091322081103/?app=fbl