අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මචන්ලා Sherlock Holmes පොත් සෙට් එකේ පොත් කියක් තියද ඔක්කොම?:confused:
    සෙට් එකම එකපාර ගන්නවානම් කියක් විතර යයිද?:confused:
    කොහෙන්ද ගන්නේ?:confused:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,688
    113
    අගතගේ පොත් කියවන්න කොච්චර ලේසිද කියනවනං මට පලවෙනි පිටු 2 කියවද්දිම දන්නේ නැති වචන 20ක් හම්බුනා.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    එකෙක්වත් දන්නේ නැද්ද බන් පොත් සෙට් එකේ ගාන?:growl:
    මචන්ලා Sherlock Holmes පොත් සෙට් එකේ පොත් කියක් තියද ඔක්කොම?:confused:
    සෙට් එකම එකපාර ගන්නවානම් කියක් විතර යයිද?:confused:
    කොහෙන්ද ගන්නේ?:confused:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Machan, just search google or wikipedia, (or there are few sites about Sherlock Holmes - you might get a lead!;))

    චන්දන මෙන්ඩිස් ගේ පරිවර්තනය කරපු ඒවා කියක් තියද?කඩ්ඩෙන් කියෙවුවට තේරෙන්නේ නෑ බන් :(
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මචන්ලා Sherlock Holmes පොත් සෙට් එකේ පොත් කියක් තියද ඔක්කොම?:confused:
    සෙට් එකම එකපාර ගන්නවානම් කියක් විතර යයිද?:confused:
    කොහෙන්ද ගන්නේ?:confused:
    Machan poth wala ganan kalen kaleta update wenawane. latest prices nam danne na kohomath normally ekak 350k wath wenawa athi dan. poth 26kda koheda tiyenawa. gananam hariyatama sure na. book fair eken gaththanam hari eka para okkoma gannawanam.
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    අගතාගේ පොත් බේස් කරගෙන ෆිල්ම් හදලා තියනව නේද? ඒව මොනවද කියල දන්නවනම් කියන්නකෝ. ඩව්න්ලෝඩ් ලින්ක් තියනවනම් තවත් හොදයි.

    මේ ටික තමයි විකිපීඩියා එකේ තියෙන්නේ

    http://en.wikipedia.org/wiki/Category:Films_based_on_works_by_Agatha_Christie
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Machan poth wala ganan kalen kaleta update wenawane. latest prices nam danne na kohomath normally ekak 350k wath wenawa athi dan. poth 26kda koheda tiyenawa. gananam hariyatama sure na. book fair eken gaththanam hari eka para okkoma gannawanam.

    පොත් ඔක්කොම විසි හයයිද මචන්.එක දැනගන්න ඕනෑකම තිබ්බේ:cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Agatha Christie ගේ පොත් පණස් ගානක් කියවල තියනවා. ඉතුරු ටික කවද හරි කියවනවා කියල හිතන් ඉන්නවා.

    Christie ගේ කතා Sherlock Holmes කතා වලින් ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ Hard Evidence නැති අවස්ථා හා Hard Evidence වලින් නිගමන වලට එන්න බැරි අවස්ථා වැඩි වීමයි.
    උදා - පාටියකදී බීම වීදුරුවකට වහ දාල මිනිහෙක් මරනවා. Direct Evidence නෑ. Motive තියන 25ක් පාටියේ ඉන්නවා. Opportunity තියන 15ක් ඉන්නවා. Means (වහ = ලේසියෙන් හොයා ගන්න පුළුවන් බෙහෙතක් වගේ) තියන 10 ක් ඉන්නවා. Motive, Means, Opportunity තුනම තියන 6ක් ඉන්නවා. දැන් කවුද මැරුවේ?


    Sherlock Holmes
    ගේ methods/observation skills මේ වගේ අවස්ථා වල එච්චර වැඩක් නෑ (වැඩක් වෙන්න නම් අර හය දෙනා පස්සේ දවස් ගානක් යන්න ඕන.). Miss Marple රට වටේ ගිහින් ඕපාදූප මල්ලක් හොයාගෙන සති දෙකක් විතර යනකොට මිනීමරුවා උගේ කටින්ම අල්ල ගන්නවා.


    math sahenna kiawala thianawa, elama. bbc eken da koheda video series ekakuth kara neda miss marple kath ehema.

    thread eka dammata thanks machanla
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland



    :sorry:
    ඔයාගේ ඇගතාගේ පොයිරට්ට ඩොයිලිගේ ශර්ලොක් අභාශය අරන් තියෙනවා කියපු එකටනම් එකග වෙන්න බෑ
    - පොයිරට් සිද්දියට එලබෙන විදිහේ ඉදන් ඒක අපිට විස්තර කරන තැන දක්වාම ශර්ලොක්ට වඩා හුගක් වෙනස්.- ශර්ලොක් අපිට හිතන්න දෙනවා හරිම අඩුයි - ඇගතාගේ චරිත අපිවත් කතාවට ගෙනියනවා, හිතන්න දෙනවා. මම කලිනුත් කීවා වගේ ශර්ලොක් ඇවිල්ලා evidence deduction වලින් විසදන්නේ(ඒකට ඔන නිරීක්ශන අපිට කරන්න අමාරුයි). පොයිරට් (වගේම ඇගතාගේ අනික් චරිත, ටුපෙන්ස්, වගේම එක කතාවකට විතර සීමා වෙන ජනතාවගේ චරිතවලින් එන ඩිටෙක්ටිව්ස්ලා) ප්‍රදානවම scene construction වලින් විසදන්නේ.


    මේකට ටිකක් දිග උත්තරයක් දාන්න වෙන හින්දා ලියන්න කම්මැලිකමේ හිටියේ.එත් ත්‍රේඩ් එක ආපහු බම්ප්වෙල තියෙන නිසා උත්තරයක් දාන්න ඕනේ කියලා හිතුනා.
    මම මුලින්ම අගතා ක්‍රිස්ටි විසින්ම ලියපු එයාගෙ චරිතාපදානයෙ තැන් කිහිපයක් උපුටා දක්වන්නම්.
    It was Madge who told me my first Sherlock Holmes story, The Blue Carbuncle, and after that I had always been pestering her for more. The Blue Carbuncle, The Red-Headed League and The Five Orange Pips were definitely my favourites, though I enjoyed all of them.
    Madge had initiated me young to Sherlock Holmes, and I had followed hot-foot on her trail, starting with The Levenworth Case, which had fascinated me when recounted to me by Madge at the age of eight. Then there was Arsene Lupin–but I never quite considered that a proper detective story, though the stories were exciting and great fun. There were also the Paul Beck stories, highly approved, The Chronicles of Mark Hewitt–and now The Mystery of the Yellow Room. Fired with all this, I said I should like to try my hand at a detective story.
    I began considering what kind of a detective story I could write. Since I was surrounded by poisons, perhaps it was natural that death by poisoning should be the method I selected. I settled on one fact which seemed to me to have possibilities. I toyed with the idea, liked it, and finally accepted it. Then I went on to the dramatis personae. Who should be poisoned? Who would poison him or her? When? Where? How? Why? And all the rest of it. It would have to be very much of an intime murder, owing to the particular way it was done; it would have to be all in the family, so to speak. There would naturally have to be a detective. At that date I was well steeped in the Sherlock Holmes tradition. So I considered detectives. Not like Sherlock Holmes, of course: I must invent one of my own, and he would also have a friend as a kind of butt or stooge–that would not be too difficult. .
    I left it to develop, and turned my attention to the detective. Who could I have as a detective? I reviewed such detectives as I had met and admired in books. There was Sherlock Holmes, the one and only–I should never be able to emulate him
    It had escaped my notice that not only was I now tied to the detective story, I was also tied to two people: Hercule Poirot and his Watson, Captain Hastings. I quite enjoyed Captain Hastings. He was a stereotyped creation, but he and Poirot represented my idea of a detective team. I was still writing in the Sherlock Holmes tradition–eccentric detective, stooge assistant, with a Lestrade-type Scotland Yard detective, Inspector Japp
    I had also published a book of short stories called Partners in Crime.
    Each story here was written in the manner of some particular detective of the time. Some of them by now I cannot even recognise. I remember Thornley Colton, the blind detective–Austin Freeman, of course; Freeman Wills Croft with his wonderful timetables; and inevitably Sherlock Holmes.

    විශේෂයෙන්ම අගතා ක්‍රිස්ටීගේ මුල්ම පොත්වල ෂර්ලොක් හොල්ම්ස් ආභාෂය හොදට පේනවා. අගතා ක්‍රිස්ටීගේ පලවෙනි පොත තමයි ස්ටයිල්ස් මන්දිරයේ ගැටලුව. ඒක පටන් ගන්නෙත් ලෝහිත පරික්ෂණයේ ජොන් වොට්සන් වගේ ජොන් හෙස්ටින්ග් හමුදාවේ ඉදලා ආබාධයකට ලක්වෙලා ආපහු එන්ගලන්තයට එන එකේන්. පොයිරොට් නවකතාවලින් තරමක ප්‍රමානයක හා කෙටිකතා සැහෙන ප්‍රමානයක හෙස්ටින්ග් සහායකයා ලෙස ක්‍රියා කරනවා. හෙස්ටින්ග් ඉන්න පොත්වල වොට්සන් වගේ කතාව විස්තර කරන්නේ හෙස්ටින්ග්. පොයිරොට් හා හෙස්ටින්ග් අතර සිදුවන සාකච්ඡාත් තරමක් හොල්ම්ස් හා වොට්සන් අතර සාකච්ඡාවලට සමානයි.
    ඊට් අමතරව the big four ගත්තොත් ඒක සැහෙන දුරට ෂර්ලොක් හා මොරියාටි අතර ගැටුමට සමානයි.(සමානකම් ලිව්වොත් කතාව කියවපු නැති අයට අසාධාරණයක් වෙන නිසා ලියන්නේ නෑ.කොහොම වුනත් මම හිතන විදියට දුර්වලම පොයිරොට් නවකතාව තමයි big four)
    අයිරින් ඇඩ්ලර් වගේ පොයිරොට් කතාවල චරිතයක් තියෙනවා ඒ රුසියානු හෙරක්(මට නම නම් මතක නෑ.)

    හැබැයි ඔයා කියන විදියටම ෂර්ලොක් පොත්වලට වඩා හිතන්න ඉඩක් අගතා ක්‍රිස්ටීගේ පොත්වල අපිට ලැබෙනවා.
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේකට ටිකක් දිග උත්තරයක් දාන්න වෙන හින්දා ලියන්න කම්මැලිකමේ හිටියේ.එත් ත්‍රේඩ් එක ආපහු බම්ප්වෙල තියෙන නිසා උත්තරයක් දාන්න ඕනේ කියලා හිතුනා.
    මම මුලින්ම අගතා ක්‍රිස්ටි විසින්ම ලියපු එයාගෙ චරිතාපදානයෙ තැන් කිහිපයක් උපුටා දක්වන්නම්.
    විශේෂයෙන්ම අගතා ක්‍රිස්ටීගේ මුල්ම පොත්වල ෂර්ලොක් හොල්ම්ස් ආභාෂය හොදට පේනවා. අගතා ක්‍රිස්ටීගේ පලවෙනි පොත තමයි ස්ටයිල්ස් මන්දිරයේ ගැටලුව. ඒක පටන් ගන්නෙත් ලෝහිත පරික්ෂණයේ ජොන් වොට්සන් වගේ ජොන් හෙස්ටින්ග් හමුදාවේ ඉදලා ආබාධයකට ලක්වෙලා ආපහු එන්ගලන්තයට එන එකේන්. පොයිරොට් නවකතාවලින් තරමක ප්‍රමානයක හා කෙටිකතා සැහෙන ප්‍රමානයක හෙස්ටින්ග් සහායකයා ලෙස ක්‍රියා කරනවා. හෙස්ටින්ග් ඉන්න පොත්වල වොට්සන් වගේ කතාව විස්තර කරන්නේ හෙස්ටින්ග්. පොයිරොට් හා හෙස්ටින්ග් අතර සිදුවන සාකච්ඡාත් තරමක් හොල්ම්ස් හා වොට්සන් අතර සාකච්ඡාවලට සමානයි.
    ඊට් අමතරව the big four ගත්තොත් ඒක සැහෙන දුරට ෂර්ලොක් හා මොරියාටි අතර ගැටුමට සමානයි.(සමානකම් ලිව්වොත් කතාව කියවපු නැති අයට අසාධාරණයක් වෙන නිසා ලියන්නේ නෑ.කොහොම වුනත් මම හිතන විදියට දුර්වලම පොයිරොට් නවකතාව තමයි big four)
    අයිරින් ඇඩ්ලර් වගේ පොයිරොට් කතාවල චරිතයක් තියෙනවා ඒ රුසියානු හෙරක්(මට නම නම් මතක නෑ.)
    හැබැයි ඔයා කියන විදියටම ෂර්ලොක් පොත්වලට වඩා හිතන්න ඉඩක් අගතා ක්‍රිස්ටීගේ පොත්වල අපිට ලැබෙනවා.

    නෑ මචන්. මමත් ඔය ඇගතාගේ චරිත කතාවේ එයාට රහස් පරීක්ශක කතා ලියන්න මුල්ම ආශාව ගෙන ආවේ ශර්ලොක් කතා කියන එක කියවල තියෙනවා. හැබැයි කියවෙන්නේ නෑනෙ ඒ චරිත කොපි කලා කියලා, ඒ ලියන විදිහ කොපි කලා කියලා. මචන් මම කීවේ හුදෙක් එක වාගේ චරිත නැහැ කියන එකනම් නෙවෙයි මම කීවේ ඒ ලියන, කතාව ගලා යන විදිහ, එක එක චරිතය අපිට ඉදිරිපත්වෙන විදිහ,ආදියට ඩොයිල්ගේ ශර්ලොක් ව කොපි කරා කියන එක මට පිලි ගන්න බෑ කියලයි
    නිහතමානි කමට තමයි ඇගතා එයා ශර්ලොක්ට දෙන්න ඕන ගෞරවය දෙන්නේ (අපේ අය වගේනෙවෙයි )
    1. ඒකෙන් කියවෙන්නේ නෑ ඇගතාගේ කතා ශර්ලොක් විදිහයි කියලා
    2. ඇගතාම කියනවා එයාට තවත් ශර්ලොක් හොල්ම්ස් කෙනෙක් නෙවෙයි ඕන වුනේ හැබැයි එයාගේම කියන ශර්ලොක් කෙනෙක් කියලා - ඒක වැරදියට වටහගන්න එපා පොයිරට් සමානයි ශර්ලොක් කියන එකට (හෝ ඇගතාගේ කතාවේ එන චරිතයක්=වොට්සන් කියන එකට)
    3. හැස්ටින් යාලුවා විදිහට ඉන්නේ කතා බොහොම අතලොස්සක - දන්නතරමින් 6-7ක විතර. ඒකෙනුත් මම කියවලා තියන්නෙ දෙකයි (The Mysterious Affair at Styles, The A.B.C. Murders) - ඒ දෙකේ නම් හැස්ටින් කතාව විග්‍රහ කරන විදිහ වොට්සන්ගේ විදිහට බොහෝම වෙනස් (සමානකම් නැතුවා නෙවෙයි - හැබැයි අල්පයි මට හිතෙන්නේ - ඔය පොරත් ටිකක් ටියුබ් ලයිට් නේද වොට්සන් වගේ?:lol:). මොකද එහෙම වෙන්න හේතුව තමා ඇගතා ලියන විදිහ ගොඩක් වෙනස් ඩොයිල්ට වඩා - මම කතා කරන්නේ කතාව ගලා යනා අකාරය මිසක් එක වගේ චරිත තියන්වා කියන එකට නෙවෙයි. මොකද එක්කෙනෙකුට චරිත දෙකක් සමානයි වාගේ පෙනුනට තව කෙනෙකුට ඒක සම්පූර්නයෙන් වෙනස් වාගේ පෙනෙයි - ස්ටිරියෝටයිපින් කියන්නේ- ඒක සැබෑ ලෝකෙදි විතරක් නෙවෙයි, පොතක් කියවද්දි වුනත්, නාට්ටියක් බලද්දි වුනත් එහෙමයි.
    4. ශර්ලොක්ගේ කතා විග්‍රහ වෙන්නෙ හැම වෙලාවෙම වොට්සන්ගෙ පැත්තෙන්. හැබැයි පොයිරට්ගේ සමහර ඒව කවුරුහරි චරිතය විසින් (කලාතුරකින් හැස්ටින් වගේ - ඕකත් හේතුවක් වෙන්න ඇති හැස්ටින් = වොට්සන් කියලා කියවන්නාට හිතෙන්න) හෝ නැත්නම් බොහෝවිට රචකයා කියවන්නාට කියන පරිදියි
    විග්‍රහ වෙන්නෙ.එහෙමත් නැත්නම් ඒ කතාවෙම එන පරීක්ශක(වැඩේ කරන-ඒ කීවේ ඒ කතාවේ පොයිරට් නෑ) චරිතයක් විසින් (ර්ලොක්ගේ කවදාවත්ම වෙන්නේ නැති දෙයක් මම දන්න තරමින්)
    ශර්ලොක් වාගේ චරිත ෆික්ෂනල් ලෝකේ වුනත් මවන්න හරිම අමාරුයි. ඒකට ලියන කෙනාත් ගොඩාක් දක්ශ නිරීක්ශකයෙන් වෙන්න ඕනේ. මම හිතන්නේ නෑ ඇගතා ඩොයිල් තරම් නිරීක්ශකයෙක් කියලා. හැබැයි ඇගතා ඇගතාගේ විදිහට ප්ලොට් හදලා ලියන කෙනෙක් ඒක අපි හැමෝවම ඇද බැද තමා ගන්නවා
    (අනික තමා ශර්ලොක් = පොයිරට් හරි හැ
    ස්ටින්= වොට්සන් හරි කරන්න දැගලුවා නම් දැගලුවේ මාධ්යවලින් මිසක් ඇගතා හිතලා නම් නෙවෙයි කියලයි අද කාලේ විචාරකයො පිලිගන්නේ - ඒකයි හුගක් අය (මිනිසා උපතිනම එහෙමයි ) හොදම මර්ඩර් නවල් වුන මේ දෙන්නාගේ කෘතිවල සමානකම් හොයන්න දගලන්නේ. හරියට හැරිපොටර් කතාවෙයි ලෝඩ් ඔෆ් ද රින්ග් කතාවෙයි සමානකම් හොයනවා වාගේ තමා)
    අන්තිමට මගේ අදහසනම්,
    1. ඩොයිල් කතාවා අපට ඉදිරිපත්කරන විදිහට වඩා ඇගතා ඉදිරිපත් කරන විදිහ සම්පූර්නයෙන්ම වෙනස්.
    2.
    ඩොයිල්ගේ (ශර්ලොක්) කතාවලදි දිගටම අපිව කුතුහලයෙන් තියාගන්නවා අපිට අනුමාන කරන්න ඉඩ දෙනවා හරිම අඩුයි අන්තිම වෙනකන්, මොකද සමහර සාක්ශි ශර්ලොක් විතරක් නිරීක්ශනය කරපුවා. හැබැයි ඇගතාගේ කතාවලදි (පොයිරට් ඉන්න හෝ නො-ඉන්න සිද්දියේ ගොඩක් දේවල කතාව යන අතර තුර අපි දැන ගන්නවා. හොදට හිතුවොත් අපිටත් අනුමාන කරන්න පුලුවන් >50%ක විතර ප්‍රොබබිලිටියකින්)
    3. ශර්ලොක් පරීක්ශනයක් විසදන විදිහ මට තේරෙන විදිහට නම් පොයිරට්ට වඩා හාත්පසින්ම වෙනස්
    මට නම් රශියන් ඩාන්සර් කෙනෙක් හම්බ වෙලා තියෙන්නේ මතක විදිහට The Man in the Brown Suit කියන නවල් එකේ විතරයි දැනටනම් - මිත්‍රයා එයා ගැනද දන්නේ නෑ කීවෙ (
    Nadina-සැබෑවටම රශියන් නෙවෙයි), එයා නම් ශර්ලොක් ශොර්ට් ස්ටොරියෙ එන අයිරින් ඇඩ්ලර්ට වඩා ගොඩක් වෙනස්!-වෙන කෙනෙක් ගැනද දන්නේ නෑ කියන්නේ:confused:
    යාලුවම දාලා තියන කෝට්ස් ටික කියවන්නකො ආයේ පාරක්. එතකොට මම කියන අදහස තේරෙව;)- මේ මගේ අදහස මචන් හොදේ?
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    :P
    ගොඩක් පොත් සරසවි ප්‍රකශන මචන්.. පුජිත ගේ පොතුත් සරසවි එකේ තියෙනවා.. එහෙම එකම තැන හොයාගන්න නැත්තම් අනිවා යන්න මරදාන රත්න පොත්හලට.. එතනින් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම..:yes:

    thnkz macho aniwa blnna one poth tika :yes: