අගමැතිගෙන්_යෝධ සංවර්ධනයක් මේ අවුරුදු 2 දී

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    අගමැතිගෙන්_යෝධ සංවර්ධනයක් මේ අවුරුදු 2 දී

    ඉදිරි වසර දෙකට අගමැතිගෙන් අලූත් සැලැස්මක්

    ranil.jpg

    ග‍්‍රාමීය ප‍්‍රදේශ නඟා සිටුවීම අරමුණු කර ගනිමින් නව යෝධ සංවර්ධන සැලැස්මක් 2019 සහ 2020 යන වසරවලදී අඛණ්ඩව සිදු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ග‍්‍රාම ශක්ති සංවර්ධන වැඩසටහන හා ගම්පෙරළිය වැඩසටහන ක‍්‍රියාත්මක වන්නේ එම සැලැස්මට අනුව බවයි අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

    මීට අමතරව තවත් සංවර්ධන වැඩසටහන් රැසක් සිදු කරමින් ඇති බවද රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මඩකලපුව මන්මුනේපත්තු ප‍්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

    යුද්ධයට හසු වූ නැගෙනහිර වැනි ප‍්‍රදේශ දියුණු කිරීම සඳහා වෙනත් වැඩසටහන් ආරම්භ කර ඇති බවත්, එහි එක් අදියරක් ලෙස සංචාරක ව්‍යාපාරය දියුණු කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ඊට පහසුවක් ලෙස නැගෙනහිර පළාතේ සංචාරක ගුවන් සේවයක් ක‍්‍රියාත්මක කරන බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

    http://nethnews.lk/article/56692
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්ද මේ #ත්තල සතියෙන් සතියට අලුත් තේමාවක් නම් ගේනවා..... හැබැයි කරන ලබ්බක් නම් පේන්න නැ... මේකට වෙන්ටෑ ඇසට නොපෙනෙන සංවර්ධනේ කියන්නේ....
     
    • Like
    Reactions: BINGU_PUTHA

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    "ග‍්‍රාමීය ප‍්‍රදේශ නඟා සිටුවීම අරමුණු කර ගනිමින්"
    "යෝධ සංවර්ධන සැලැස්මක් "
    "ග‍්‍රාම ශක්ති සංවර්ධන"
    "ගම්පෙරළිය"
    "සංවර්ධන වැඩසටහන් රැසක්"
    "යුද්ධයට හසු වූ නැගෙනහිර වැනි ප‍්‍රදේශ දියුණු කිරීම සඳහා"
    "සංචාරක ව්‍යාපාරය දියුණු කරන"

    කොහොමද වාක්‍ය ටික!
    බර වචන දාපු ගෙබ්බ.

    දේවාලේ කපුවාගේ මන්තරේ වගේ ඕකට ඔය වාක්‍ය සෙට් එක. එකම ආපහු කියලා. ලොල්.

    "නඟා සිටුවීම", "සැලැස්මක්" , "ශක්ති සංවර්ධන" , "වැඩසටහන් රැසක්", "දියුණු කිරීම"

    ඔය ටික කියෝනවා විතරයි මොකද්ද ඔය කොරන්න යන්නේ කියලා කවදා හරි ඕකා කිවුවද?
    project plan එකක් කවදා හරි විස්තර කරලා තියනවද?
    project document එකක් public කරලා තියනවද?

    හොඳම වැඩේ project plan එකේ හැටියට වැඩක් කරලා තියනවද?

    මඩකලපුව මන්මුනේපත්තු ප‍්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්

    අයි මේ හැම එකාම දුප්පත් ගම්මාන අස්සේ රිංගගෙන උන්ගේ ටකරං ස්ටේජ් උඩ ට විතරක් නැගලා සංවර්දන සැලසුම් කියන්නේ?

    ඇයි කොළඹ මාධ්‍ය සාකච්චාවක් කැඳවලා documents එක්ක presentation එකක් එක්ක විස්තර කරන්න බැරි ද?

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා දවසක් අරන් විස්තර කරලා කියන්න බැරිද?

    මිනිස්සුනට ප්‍රශ්න අහන්න දීලා ඒවාට උත්තර දෙන්න බැරි ද?
     
    චන්දෙ ලගයිනෙ..;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    34_1.gif

    ►. ගම්පෙරළිය
    ►. කළියුගය    
    ►. යුගාන්තය   

    හික්... හික්... හික්.. "ගම් පෙරළිය" පටන්ගන්නකොට....
    "යුගාන්තය" ඔන්න මෙන්න...
     
    • Like
    Reactions: BINGU_PUTHA

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ උට්ටල කෙලවෙගන ඊලඟට එන එවුන්ටත් රට කරගන්න බැරි වෙන්න ගේමක් දීල යන්න හදන්නෙ :angry:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    images

    "අපි මේ ප්‍රදේශය සදහා විශාල සංවර්ධන සැළැස්මක් හදලා තියෙනවා"
    "මේ ප්‍රදේශයේ නව කර්මාන්ත පුරයක් හදලා නව ආයෝජන කළාපයක් බවට පත් කරනවා"
    "මේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා ලක්ෂ ගණනක් උත්පාදනය කරන්න අපි සැළසුම් සකස් කරලා තියෙනවා"
    "මේ ප්‍රදේශයට අලුතින් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ළගදීම වැඩ ආරම්භ වෙනවා"
    "2020 වන විට මේවාගේ ප්‍රතිඵල ලැබිලා මේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ අත මිට සරු වෙනවා"
    " බයිසිකලෙන් යන කෙනාට කාර් එකක්, පොඩි ටීවී එක වෙනුවට විශාල එකක් ......ගන්න පුලුවන් වෙනවා"

    -62ලක්ෂෙ තණකොළ කන වහල්ලු සෙට් එක හැමදාම අහන මන්තරේ ඕක තමයි!!!
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඩයල් එකත් ඉතින් යෝදයා වගේ නෙ කරන්නෙ ම යෝධ වැඩ තමයි ..:lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    "ග‍්‍රාමීය ප‍්‍රදේශ නඟා සිටුවීම අරමුණු කර ගනිමින්"
    "යෝධ සංවර්ධන සැලැස්මක් "
    "ග‍්‍රාම ශක්ති සංවර්ධන"
    "ගම්පෙරළිය"
    "සංවර්ධන වැඩසටහන් රැසක්"
    "යුද්ධයට හසු වූ නැගෙනහිර වැනි ප‍්‍රදේශ දියුණු කිරීම සඳහා"
    "සංචාරක ව්‍යාපාරය දියුණු කරන"

    කොහොමද වාක්‍ය ටික!
    බර වචන දාපු ගෙබ්බ.

    දේවාලේ කපුවාගේ මන්තරේ වගේ ඕකට ඔය වාක්‍ය සෙට් එක. එකම ආපහු කියලා. ලොල්.

    "නඟා සිටුවීම", "සැලැස්මක්" , "ශක්ති සංවර්ධන" , "වැඩසටහන් රැසක්", "දියුණු කිරීම"

    ඔය ටික කියෝනවා විතරයි මොකද්ද ඔය කොරන්න යන්නේ කියලා කවදා හරි ඕකා කිවුවද?
    project plan එකක් කවදා හරි විස්තර කරලා තියනවද?
    project document එකක් public කරලා තියනවද?

    හොඳම වැඩේ project plan එකේ හැටියට වැඩක් කරලා තියනවද?

    අයි මේ හැම එකාම දුප්පත් ගම්මාන අස්සේ රිංගගෙන උන්ගේ ටකරං ස්ටේජ් උඩ ට විතරක් නැගලා සංවර්දන සැලසුම් කියන්නේ?

    ඇයි කොළඹ මාධ්‍ය සාකච්චාවක් කැඳවලා documents එක්ක presentation එකක් එක්ක විස්තර කරන්න බැරි ද?

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා දවසක් අරන් විස්තර කරලා කියන්න බැරිද?

    මිනිස්සුනට ප්‍රශ්න අහන්න දීලා ඒවාට උත්තර දෙන්න බැරි ද?

    :yes::yes:
     
    Similar threads